ඉතිහාසය

විදුහල්පති ස්වාමින් වහන්සේගේ පණිවුඩය
ර/හංගමුව ශ්‍රි රත්නෝදය නවෝද්‍යා පාසල වෙබි අඩවියක්මගින් අන්තර්ජාලයට එක් කිරීමට හැකි වීම ගැන මම සතුටට පත්වෙමි.අප විද්‍යාලය අනතර්ජාතිකව සමිබන්ධ කෙරෙන නව මාවතක් සේ මම දකිමි.
අප විද්‍යාලය ගැන උනන්දුවක් දක්වන ඔනෑම අයෙකුට ලොව කොතනක හෝ සිට අප විදුහලේ තොරතුරු ලබා ගත හැකි වීමත් අප විදුහල හා සමිබන්ධ වන්නට අවස්ථාව ලැබීමත් අප විදුහලේ අනාගත දියුණුවට හේතු වනු ඇතැයි මම විශ්වාස කරමි.

විදුහල්පති
ගරු ඇත්ඔය මහින්ද හිමි

ආරමිභය
   ඉංග්‍රීසී පාලනය යටතේ ලක්දිව පහළවූ ගමිබද ස්වභාෂා පාඨශලා අතර නො නැසෙන කීර්තියක් හා ප්‍රසිද්ධියක් ලබා ගත් ර/හංගමුවේ පාඨශාලාව ක්‍රිස්තු වර්ෂ 1891 දී ආරමිභ කරනු ලැබීය.සැට වර්ෂාදික කාලයක් ප්‍රදේශවාසින්ට ස්වභාෂා පාඨශාලාවකින් ලද හැකි උසස්ම සේවය ලබා දුන් මෙම පාඨශාලාවෙ ඉතිහාසය වූ කලී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ සංදර්ශණයක් යයි කීම අතිඅතිශෝක්තියක් නොවෙ.
අධ්‍යාපනය පිළිබද අදුරුසමයක ආරමිභ කරන ලද පනමුත් ආරමිභයේ සිටම දීප්තිමත් අනාගතයකපෙර නිමිති දක්වමින්ශිෂ්‍ය සංඛ්‍යාව මෙන්ම ආචාර්ය මණ්ඩලයද දිනෙන් දින දිනම දියුණුවට පත් වන මෙම පාසල ගමිවාසීනගේ පමණක් නොව කාර්්‍ය භාර නිලධාරින්ගේ විහේෂ සැලකිල්ලට භාජනය විය.වර්ෂ 1891 සිට 1918 දක්වා වූ කාලය තුළ පිළිවෙලින් මෙම පාසලේ විදුහල්පති  තනතුර දැරූ  පිචෝරිස් , ලියෝන්, ජයසූරිය, සෙනෙවිරත්න , සිල්වා සහ කොරනේලිස් පණ්ඩිතරත්න යන මහත්වරු පාසලේ පමණක් නොව ප්‍රදේශයේ දියුණුව සදහාදද ඉමහත් අනන්දුවක් දුක්වූහ.මෙසමයෙහි පාසලේ ආචාර්ය මණ්ඩලය ශිෂ්‍ය ගුරුවරයෙක්ද ඇතුථ තිදෙනෙකුගෙන් සදන්විත විය. ශිෂ්‍ය සංඛ්‍යාව එකසිය විසි එක් දෙනෙක් වී එකල පැවති තත්වයේ අන්දමට ශිෂ්‍ය -ගුරුවරයෙතු බිහිකිරිම පාසලට විශේෂ ගෞරවයක් හිමිකර දුන් කරුණක් වූ බව අමතකනොකලයුත්තකි.
1918 පෙබරවාරි මස 27 වැනි දින හංගමුව පාසල ඉතිහාසයේ අනුස්මරණීය දිනයක් වෙයි.පාසලේ වර්ථමාන යුගයේ ආරමිභය වූ මෙි දිනයෙන් පටන් ගෙන තිස්තුන් වර්ෂ්‍යක් මුථල්ලේ ආධිපත්‍ය දැරූ වර්ථමාන පුධානාචාර්ය  දොන් අර්නෝලිස් වික්‍රම මැතිතුමාගේ පැමිණිම මෙතරමි උසස් ප්‍රථිපල ලැබීමට හේතු වන විපර්යාසයක මුල් අවස්ථාව යයි එවකට කිසිවෙකු සිතන්නට නැත.
 දැනට හංගමුව ගැහැනු පාසලේ විදුහල්පති තුමිය බන බ,ජි. පෙරේරා මහත්මාවගේත් ශෂ්‍ය ගුරු තථබෝවිල මහතාගේත් සහාය ඇතිව ස්වකීය විදුහල්පතිධූරයෙහි වැඩ ආරමිභකල දොන් අර්නෝලිස් වික්‍රම මැතිතුමා පාසලේ දියුණුව තම ජීවිතයේ උදාර පරමාර්ථය බවට හරවා ක්‍රියා කිරීමට පටන් ගත්තේය.
 වැඩිකලත් ගතවීමට පෙර එතුමෝ තමව්‍යායාමයෙහි මහගු ප්‍රථිපල දුටහ.පාසලේ ප්‍රසිද්ධිය හා දියුණුව ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන් ගති. ගුරු මණ්ඩලය තිදෙනෙකුගෙන් හා ශිෂ්‍ය-ගුරු දෙපලකගෙන් සමන්විත වී දුරබැහැර ප්‍රදේශයන්ගෙන් පවා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගලා එන්නට වූහ. වර්ෂ 1925 වන විට පාසල පිළිබද උසස් බලාපොරොත්තු ඇතිවූන් තුටු සයුරේ ගිල්වමින් ශිෂ්‍ය සංඛ්‍යාව දෙසීය ඉක්ම විය.
     දිනෙන් දිනම දියුනුව දෙසට පා නගන මෙම පාසල වර්ෂ 1925 න් පසු අභ්‍යන්තර අධ්‍යාපන තත්වයෙන් පමණක් නොව බාහිර අලංකරනයෙන්ද වර්ධනය වන්නට පටන් ගති.වර්ෂ 1926 දී ගොඩ නැගුණු අද දක්වා පවතින පාසල් ගොඩනැගිල්ල ගුරු ශිෂ්‍ය දෙපක්ෂයටම මහත් සහනයක් විය. පාසල් වත්තද ක්‍රමක් ක්‍රමයෙන් අංග සමිපූර්ණ වන්නටපටන් ගති.
         වර්ෂ 1925 සිට 1930 දක්වා වූ කාලය ඇතුලත දියුණුව ශිෂ්‍ය පිරිස දෙසිය අසුව ඉක්ම වන අතර ගුරු මණ්ඩලය හය දෙනෙකුගෙන් සමන් විත විය. දහසකුත් එකක් අගහිගකමි මැද්දේ නොපසුබට උත්සාහයෙන් යුක්තව හදා වඩාගත් වැඩිමහල් දරු පිරිසකගෙන් සිය මෑණියන් වෙත පිරිනැමෙන








මෙතෙක් සේවය කල විදුහල්පතිවරු
නම සේවයට පැමිණි දිනයසේවා කාලය
පිචෝරිස් මහතා 1869 සිට 1898/06/28අවු 29
දොන් චාර්ලිස් කිරිඇල්ලේ ජයසුරිය 1898/07/01 සිට 1901/08/01අවු 03
කොරනේරිස් අප්පුහාමි මහතා 1901/11/01 සිට 1951/01/31අවු50
හෙට්ටි වික්‍රම ආරච්චි මහතා 1951/02/28 සිට 1955/03/20අවු 04
ඒ.වීරවර්ධන මහතා 1955/05/11 සිට 1961/08/03අවු 06
එස්. සත්‍යපාල මහතා 1961/09/12 සිට 1963/04/28 අවු 02
එස්.ඩබි.ප්‍රේමදාස මහතා 1963/06/05 සිට 1964/06/05අවු 01
වයමන් පීරිස් මහතා 1964/07/11 සිට 1966/03/20අවු02
එස්.ඩබි. විජයනායක මහතා 1966/05/20 සිට 1970/03/20අවු 04
ඩබි.එමි.එමි.ලෝව් මහතා 1970/09/01 සිට 1973/05/02 අවු 03
කේ.කරුණානයක මිය 1973/07/03 සිට 1976/07/31අවු03
ඩබි. එමි. වනසුන්දර මහතා
1976/09/01 සිට 1977/08/29අවු 01
එස්. පී. ලියනගේ මහතා 1977/09/05 සිට 1987/11/06අවු 10
පී.ඩී. හේමපාල මහතා 1987/11/13 සිට 1989/05/04අවු 02
ඊ. එමි. රත්නපාල මහතා 1989/05/12 සිට 1991/12/31අවු 02
ආර්. එ. බන්දුසෝම මහතා 1992/01/01 සිට 1995/01/01අවු 03
එම්. එම්. එස්. මනම්පේරි මහතා 1995/01/01 සිට 1998/04/19අවු 03
පී.ඊ.ඩී. ධර්මසිරි මහතා 1998/04/29 සිට 2002/10/31අවු 04
සරත් ශාන්ත මහතා 2002/11/13 සිට 2003/06/09අවු 01
 ඒ.එමි.විමලරත්න මහතා
2003/08/01 සිට 2010/07/08 අවු 06

ගරු ඇත්ඔය මහින්ද හිමි
2010/07/08 සිට

1 වසර ළමුන් භාර ගැනීම-2010