ක්‍රිඩා තොරතුරු

2010/02/28 වැනි දින මුද්දුව ක්‍රීඩාංගනයෙ පැවති රත්නපුර දිස්ත්‍රික් 17 න් පහළ කාන්තා පාපන්දු තරගාවලිය ජයග්‍රහණය තෙවන වරටත් අප විදුහල් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.අවසන් මහා තරගය ර/ධර්මපාල ම.වි අතර පැවති අතර එහිදී ගෝල් 2=0 ලෙස තරග ජයග්‍රහණය අප විදුහල් කණඩායම විසින් දිනා ගන්නා ලදී.
නාම ලේඛණය
  1. හංසිකා තිලිනි (කණ්ඩායමි නායිකා )
  2. පවිත්‍රිකා මදුෂානි

සමස්ථ ලංකා කාන්තා සත් සාමාජික රග්බි තරගාවලිය -2008
මෙම තරගාවලිය සදහා අප විදුහල් කණ්ඩායම ද සහාභාගිවු අතර ප්ලේට් කාණ්ඩයේ අනු ශුරතාවය දිනා ගනිමින් විදුහලට විශාල කීර්තියක් අත් කර දිමට සමත් විය.පුහුණු කටයුතු අධික්ෂණයෙන් විදුහලේ M .W.A.N . මාරපනද , පුහුණූ කරුවන් ලෙස ශාන්ත ලූක්ස් විදුහලේ ආචාර්යය හා රත්නපුර දිස්ත්‍රික් රගර් පුහුණු කරු දුමින්ද කුමාරසිංහ මහතා සමග සහාය පුහුණුකරුවන් වන දුමින්ද ලක්ෂාන් හා ඉමිල උමෙෂාන් කටයුතු කරන ලදි.

කණ්ඩායමි නාමලේඛණය
  1. ශානිකා ධනංජි
  2. වත්සලා සදමාලි




රත්නපුර දිස්තික් 17 න් පහළ කාන්තා පාපන්දු තරගාවලිය 2008
මෙම තරගාවලිය සදහා සහාභාගි වු අප විදුහලේ කාන්තා පාපන්දු කණ්ඩායම අවසන් තරගයේදි ධර්මපාල විදුහල පරදවමින් ගෝල් (1-0) ජයක් ලබා ගනිමින් ශූරතාවය දිනා ගන්නා ලදී.
ටොරින්ටන් ක්‍රිඩා පිටියේ පැවති සමස්ථ ලංකා තරගාවලියේ දි අප කණ්ඩායමට ජයග්‍රහණයක් ලබා ගත ‍‍‍‍‍‍‍‍‍‍‍‍නොහැකි වුවත් තියුණු තරගයක් අනිකුත් කණ්ඩායමි වලට ලබා දිමට සමත්විය.
සාමාජික නාමලේඛණය
  1. ශානිකා ධනංජි ( කණ්ඩායමි නායිකා )
  2. වත්සලා සදමාලි ( කණ්ඩායමි උප නායිකා )
  3. සුමිත්‍රා සංජිවනි
  4. අනුෂා රුවන්ගනි
  5. දිනේෂිකා රුවනි
  6. රමනි කාංචනා
  7. ශකිතලා කුමාරි
  8. දුලානි චමිලා
  9. චමිලා කුමුදුනි
  10. පේශිලා උදේනි
  11. නිරෝෂා දමයන්ති
  12. උෂානි සදීපා
  13. රේණුකා මිනෝදනි
  14. චතුරිකා මදුෂානි
  15. ගයානි ඉරේෂා
  16. උදේෂිකා නිල්මිණි
  17. තුෂාරා දිල්රුක්ෂි
  18. අසංකා උදයංගනි 

නිවාසාන්තර ක්‍රිඩා 2009
නිවාසාන්තර ක්‍රිඩා 2009
දර්ශණ නරඔන්න මෙතන ක්ලික් කරන්න   නිවාසාන්තර මලල ක්‍රීඩා 2009  >>>>>




ක්‍රිඩාවෙන් විනය ගරුක නිරෝගී සිසු පරපුරක් බිහි කළ හැකිය යන්න තේමාව කරගත් මෙවර අප විදුහල් ක්‍රිඩා උත්සවය අති උත්කර්ෂවත් ලෙස 2009/03/09 වැනි දින විදුහල් ක්‍රිඩාංගනයේදී පැවැත්වීය. මෙවර ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා


රත්නපුර දිස්තික් 17 න් පහළ කාන්තා පාපන්දු තරගාවලිය 2009
මෙම තරගාවලියට සහාභාගි වූ අප වදුහල් කාන්තා කණ්ඩායම ශූරතාවය දිනා ගනිමින් මෙවරද සමස්තලංකා තරගාවලියට සුදුසුකමි ලැබීය.
මෙවර තරග පැවැත්වූයේ කොළඔ හෙන්රි පේදිරිස් ක්‍රිඩාංගනයේදීය.මෙවර ද ජයක් ලබා ගැනීමට නොහැකි වුවත් අනිකුත් කණ්ඩායමි වලට තියුණු තරගයක් ලබාදීමට කණ්ඩායමට හැකි විය.
සාමාජික නාමලේඛණය

  1. ශානිකා ධනංජි ( කණ්ඩායමි නායිකා )
  2. වත්සලා සදමාලි ( කණ්ඩායමි උප නායිකා )
  3. සුමිත්‍රා සංජිවනි
  4. අනුෂා රුවන්ගනි
  5. දිනේෂිකා රුවනි
  6. රමනි කාංචනා
  7. ශකිතලා කුමාරි
  8. දුලානි චමිලා
  9. චමිලා කුමුදුනි
  10. දුලානි චිතාංගනී
  11. සුරංගනි කුමාරි
  12. ඉරේෂා මදුෂානි
  13. පවිත්‍රිකා මදුෂානි
  14. ගයානි ඉරේෂා
  15. වරුනිකා විනෝදනි
  16. හංසිකා තිලිනි
  17. අසංකා උදයංගනි
අප කණ්ඩායමි නායිකා ශානිකා ධනංජි  ජයවර්ධන ජාතික කණ්ඩායමට තෝරා ගැනිමෙ‍ පුහුණු සංචිතයට තේරා ගන්නා ලදී.

නිවිතිගල කොටිඨාශ ක්‍රිඩා තරග 2009
  1. 13න් පහළ බාලිකා 100*4 දෙවන ස්ථානය
  2. 13න් පහළ බාලක 100 , 200 පළමු ස්ථානය පැතුමි
  3. 15න් පහළ
  4. 15න්
  5. 17න් පහළ බාලක හෙල්ල විසිකිරිම පළමු ස්ථානය ඔෂාල්
  6. 19 න් පහළ බාලක හෙල්ල විසිකිරිම පළමු ස්ථාන හසිත් සදමාල්
  7. 19 න් පහළ බාලක යගුලිය විසිකිරිම පළමු ස්ථානය හසිත් සදමාල්
  8. 21 න් පහළබාලිකා 1500 තුන්වන ස්ථානය
  9. 21න් පහල බාලක 5000 පළමු ස්ථානය වජිර
  10. 21න් පහල බාලක 1500 පළමු ස්ථානය වජිර
  11. 21 න් පහළ බාලක හෙල්ල විසිකිරිම පළමු ස්ථානය වජිර   


පාපන්දු ක්‍රීඩාව තුළින් ආත්ම ශක්තිය ගොඩනැ‍ඟෙනවා

පාපන්දු යනු ඈත අතීතයේ ඇරැඹි පැරැණිතම ක්‍රීඩාවක් ලෙස පිළිගැනෙයි. එය එදා සිට අද දක්වා ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාවද වෙයි.
පාපන්දු ක්‍රීඩාවෙන් ජීවිතයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද ? ඒ පිළිබඳ අදහස් දක්වන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එන්. කේ. අබේසිංහ මහතායි.
පාපන්දු ක්‍රීඩාවට යොමුවීමට නිශ්චිත වයසක් තිබෙනවාද ?
විදේශීය රටවල අවුරුදු හයේ සිට ළමයින්ව පාපන්දු ක්‍රීඩාවට යොමු කෙරෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ එතරම් කුඩා වයසේ දරුවන්ට පාපන්දු ක්‍රීඩාවට යොමුකරවන්නේ නැහැ. අවුරුදු 10 – 11 වයස් කාණ්ඩවල ළමයින් තමයි පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වන්නේ. ඊට ප්‍රධාන හේතුව තවමත් ලංකාවේ ක්‍රීඩා සංස්කෘතියක් බිහි වී නැති කමයි. ඒ වගේම මවුපියන්ට ක්‍රීඩාවක් ගැන තිබෙන අවබෝධ මතයි දරුවන්ව ක්‍රීඩාවට යොමු කරවන්නේ.
පාපන්දු ක්‍රීඩාවේ මූලික යෝග්‍යතා ගුණාංග ලෙස හඳුන්වන්නේ මොනවාද ?
දරා ගැනීමේ හැකියාව, වේගය, ශක්තිය, නම්‍යශීලීතාව හා උලඟිතාව මේවා පාපන්දු ක්‍රීඩාවේ මුලික යෝග්‍යතා ගුණාංග 5 විදියට හඳුන්වනවා. ඒ සමහර ගුණාංග මේ විදියට දක්වන්න පුළුවන්.
දරා ගැනීමේ හැකියාව
එය හඳුන්වන්නේ මහන්සිය පමා කිරීම ලෙසයි. කුඩා කාලයේ සිටම පාපන්දු වැනි ක්‍රීඩාවකට හුරුවූ දරුවකුගේ ශරීරයේ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය, ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය හා ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉතා දියුණු තත්ත්වයකට පත් වෙනවා.
පාපන්දු ක්‍රීඩාව තුළින් ලැබෙන පුහුණුව මත කෙටි කාලයක් තුළ මහන්සියකින් තොරව විවිධ ක්‍රියාකාරකම් රැසක යෙදීමේ හැකියාව ලැබෙනවා.
උදාහරණයක් ලෙස ශාලාවක තිබෙන පුටු සංඛ්‍යාවක් වෙනත් ස්ථානයකට රැගෙන යාමට සිදුවූ විටෙක ක්‍රීඩා පුහුණුවක් නොලැබූ අයෙකුට එය වෙහෙසකර අත්දැකීමක් විය හැකියි.
නමුත් ක්‍රීඩකයකුට එය එතරම් වෙහෙසකර අත්දැකීමක් වන්නේ නැහැ. වෙනත් විදියකින් කියනවා නම් ඔහුට දැනෙන්නේ අඩු වෙහෙසක්.
වෙහෙස පමා කිරීම දරා ගැනීමේ හැකියාවේ ලක්ෂණයක්. ඒ හැකියාව ලැබෙන්නේ ක්‍රීඩකයකුටයි.
උලඟිතාව ලෙස හඳුන්වන්නේ කෙනෙකුට කිරීමට අපහසු කාර්යයක් පහසුවෙන් කර ගැනීමේ හැකියාව ලබා ගැනීමයි.
පාපන්දු ක්‍රීඩාවේ උගන්වන උපක්‍රම පුහුණුව ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද ?
එමගින් බුද්ධිය (Mental mind Inteligence) වැඩි වෙනවා. අධ්‍යාපන කටයුතුවලදී තීන්දු තීරණ ගැනීමේදී මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. පාපන්දු ක්‍රීඩාව තත්පරයෙන් තත්පරය වෙනස්වන සුළු ක්‍රියාකාරකම්වලින් යුතු ක්‍රීඩාවක්.
එසේ නම් ඒ ගත වන සෑම කාලයකදීම අලුත් අත්දැකීමක් අලුත් ගැටලුවක් ඇති වෙනවා. නිවැරදි තීන්දු ක්‍ෂණිකව ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වෙනවා. කුඩා කල සිට ක්‍රීඩාවට යොමු වූ අයෙකු අනාගතයේ පහසුවෙන් තින්දු තීරණ ගැනීමේ හැකියාව සහිත පුද්ගලයකු බවට පත්වෙනවා. විවිධ ගැටලුවලට විසැඳුම් සපයා ගැනීමේ බුද්ධියක් ක්‍රීඩකයකු සතුයි.
පාපන්දු ක්‍රීඩාවෙන් කෙනෙකුගේ මානසික සුවතාව දියුණු වන්නේ කොහොමද ?
පාපන්දු ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩකයකු තරගයක් අතරතුර ලකුණක් ලබා ගැනීමේදී, පන්දුව ලබා දීමේදී, ඒ ක්‍රීඩකයා ආත්ම තෘප්තියක් ලබනවා. ඔහුට සතුටක් ඇතිවෙනවා. එය මානසික සුවයක්. එය දීර්ඝ කාලයක් තුළ සිදු වීමේදී ඔහු මානසික සුවතාවෙන් පරිපූර්ණ පුද්ගලයකු බවට පත් වෙනවා.
පාපන්දු ක්‍රීඩකයකු නීතිගරුක පුද්ගලයකු බවට පත් වෙන්නේ කොහොමද ?
පාපන්දු ක්‍රීඩාවේ නීති රීති පද්ධතියක් තිබෙනවා. ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නියැලෙන්නේ ඒවාට අනුකූලවයි. මෙය ඔහුගේ ජීවිතයට නිසැකවම බද්ධ වෙනවා. ඔහු නීති පිළිපදින පිළිවෙළකට වැඩ කරන පුද්ගලයකු බවට පත් වෙන්නේ නිතැතින්මයි.
පාපන්දු ක්‍රීඩාවෙන් රෝග නිවාරණයට එල්ල වන බලපෑම කෙබඳුද ?
රෝග පාලනයට පාපන්දු ක්‍රීඩාව ආශ්‍රිත ක්‍රියාකාරකම් මගින් බලපෑමක් තිබෙනවා. විටෙක දිවීම, විටක ඇවිදීම, විටෙක හැල්මේ දිවීම (jogging) මේ ක්‍රියාකාරකම් මගින් හෘදයේ ක්‍රියාකාරීත්වය යහපත් වෙනවා. රුධිර සංසරණය හොඳින් සිදු වෙනවා.
පාපන්දු ක්‍රීඩාවේ ඉරියව් ක්‍ෂණිකව වෙනස්වන සුළුයි. ඒ නිසා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති විය හැකි රෝග බහිස්‍රාවිය පද්ධතිය ඇසුරෙන් මතුවිය හැකි රෝග පාපන්දු ක්‍රීඩාවේ ක්‍රියාකාරකම් නිසා පාලනය වෙනවා.
කුඩා කල සිට ක්‍රම ක්‍රමයෙන් නිසි පුහුණුවක් ලබා දෙමින්ගොඩ නගන පාපන්දු ක්‍රීඩකයකු, ඔහුගේ් වැඩිහිටි වයසේදී පැය 1 1 / 2 ක පාපන්දු ක්‍රීඩා තරගයකට මුහුණ දෙන අවස්ථාව වන විට මානසිකව හා ශාරීරිකව ඉතා ශක්තිමත් පුද්ගලයකු බවට පත් වී සිටිනවා. ආත්ම ශක්තිය ගොඩ නැගීමෙන් බිය නැති වී තනිව යමක් කිරීමේ හැකියාව හා ක්‍ෂණිකව උචිත තීන්දු තීරණ ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔහු සමාජයේ නීති ගරුක පුද්ගලයකු හා මානසික සුවතාවෙන් පරිපූර්ණ මිනිසකු බවට පරිවර්තනය වෙනවා.


1 වසර ළමුන් භාර ගැනීම-2010