පාසල් පුවත්

2013/10/07
ඊයේ තිබුන ලෝක ගුරු දිනය සමරමින් අද උදේ පාසලේ ගුරු දිනය ඉතා උත්කර්ෂවත්ව සැමරුවා.ප්‍රධාන ශිෂ්‍ය නායක කොස්වත්ත  දක්ෂ ලෙස මෙම උත්සවය සංවිධානය කරලා තිබුනා.

 2013/10/05
අද නායකත්ව පුහුණුවේ දෙවන දිනයයි.
 2013/10/04
අද නායකත්ත්ව පුහුණුව ආරම්භ කල දිනයයි.

2013/10/01
අද ලෝක ළමා දිනයයි.අපේ පාසලේත් අද දිනය  ළමයින් වෙනුවෙන් වැඩසටහන් රාශියක් කළා.ලස්සන චිත්‍ර පටියක් පෙන්වලා අයිස් ක්‍රීම් හැමෝටම දුන්නා.


2013/09/12
අද ලෝක බැංකු නියෝජිත පිරිස පාසලට ආවා.

2013/03/05
අද කොයිඨාශ ක්‍රීඩා තරග නිවිතිගලදී පටන් ගත්තා.පලවෙනි දවසේ දරුවන් 45 දෙනෙක් ගියා
හංසිකා ගිලිණි කවතේත යගුලිය පලවෙනියා
සාලින්ද කේසර 100 200 දෙකේම 1


2013/02/26
අද ප.ව.12.30 ට නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය ආරමිභ  වුණා.ප්‍රධාන ආරාධිතයා වුණේ විදුලි බල හා බලශක්ති නි. අමාත්‍ය නිවිතිගල ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රේමලාල් ජයසේකර මහතායි..

2013/02/11
අද ඵලසපිරි පාසල් අධීක්ෂණයට පලාත් අධ්‍යාපන ඒකකයෙන් ආවා තුන් දෙනෙක්.

 2013/02/07
අද මැරතන් තරගය පවත්වනවා.කොටාමුල්ල හන්දියේ ඉදලා බටඇදිරියට පිරිමි ළමයින්ටත්, බාලිකාවන් පාසල ලගින් අවසන් කරන්නත් කටයුතු යොදලයි තියෙන්නේ.



2013/02/05
අද සංගීතය උගන්නන්න ආපු සර් පාසලේ සීනුව නාද කරන සෙෆ්ටිවෙයාර් එක පාසලේ ක්‍රියාත්මක කලා.


2013/02/01
අද  පාසලේ ශ්‍රමදානය තිබුනා. පිටිනිය සමිපූර්ණයෙන් සුද්ද කරා.

2013/01/27
මෙ දවස් වල නිවාස ක්‍රීඩා පටන් ගත්තා. ළමුන් තෝරනවා.



2013/01/10අද 2013 වර්ෂයේ ප්‍රථම විදුහල්පති රැස්වීමට සහභාගි වීමට විදුහල්පති ස්වාමින් වහන්සේ නිවිතිගලට වැඩිය අතර 

2013/01/07
අද ශුමදානය තිබුනා . ගොඩාත් දෙනෙක් ඇවිත් තිබුනා.මංජුලා තියඔරාවත්ත මිස් නිවිකිගල කලාපයට ගිහින් සුදු රෙදි අරන් ඇවිත් තිබුනා.

 2013/01/02
අද පළමු වාරය පටන් ගත් මුල්ම දිනය.සංගීත විෂයට අලුත් සර් කෙනෙක් ඇවිත්.අද පාසල

2012/11/29
2012 වර්ෂයේ අ.පො.ස (සා.පෙ‍ළ ) වභාගයේ විභාග අයදුමි පත්‍ර ලබා දීම අද දිනයේ දෙමාපියන් ඉදිරයේ සිදු කළා.

2012/11/28
අද බදාදා දිනයයි. උදේ  භාවනා වැඩසටහන තිබුනා. පාසලට පරක්කු වෙලා ආපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා එයාගේ මල්ලිවයි දෙන්නවම ගේටිටුව ඉස්සරහා පුටුවක වාඩි කරලා භාවනා කෙරෙවිවා.

2012/11/04
අද පාසලේ විනය මන්ඩලය අලුතින් පත් කරලා
කේ.සරත් මහතා සභාපති
අමිතා කුමාරපේලි මිය ලේකමි
අනුර මාරපන මයා උප සභාපති
       වනසුන්දර මයා
ප්‍රියන්ති ස්වර්ණාලි මිය
සේනානායක මනමිපේරි මිය
කරුණා ගජනායක මිය
සදමාලි මිය
ස්වරණා මය


 2012/10/19
අද විදුහල්පති ස්වාමින් වහන්සේ ශෛල්‍ය කර්මයක් කරගැනීම සදහා රත්නපුර මහ රෝහලේ භික්ෂු වාටටුවට ඇතුලත් කලා.

2012/10/04
ඊයේ පැවැත්වුණු 2012 රාජ්‍ය නාට්‍ය උළෙලේදී විවෘත අංශයෙන් කාටූන් ළමා නාට්‍යයේ රගපෑ  ඊ. ඩී. නදුන් තිසල් සෙනවිරත්න ( අප විදුහලේ 8 වසරේ ඉගෙනුම ලබන ) කුසලතා සමිමානයක් හිමි කර ගත්තා

 2012/10/01
අද ලෝක ළමා දිනය. පරිසර භට කණ්ඩායම සදහා පදක්කමි පැළදීමක් සිදුවුනා.

2012/09/27
අද ශෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල අන්තරජාලයට මුදා හැරලා.අපේ දරුවන් 05 ක් පාස් වෙලා. ඒ සදහා නයනා ගුරු මෑණීයන්ගේ උත්සාහය සාර්ථක වුණා.

Table Cell Table Cell
Table Cell Table Cell


2012/06/28
 අද ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මෙහෙය වන රත්නපුර දිස්ත්‍රික් පාපන්දු තරවගාලියේ 13 න් පහළ බාලිකා කණ්ඩායම අනු ශූරතාවය දිනාගත්තා.සීවලී ක්‍රීඩාපිටියේ පැවැත්වුණ තරග වලදී බටුහේන ම.වි.ගෝල් 1-0 , ධර්මපාල විදුහල 2-0 , මල්වල ම්‍.වි.ගෝල් 1-0 , ජේසු බිළින්දගේ කන්‍යාරාමය ගෝල් 0-0

 201්‍ර2/06/26
අද   අද ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මෙහෙය වන රත්නපුර දිස්ත්‍රික් පාපන්දු තරවගාලියේ 13 න් පහළ බාලක තරග පැවැත්ව්ණා. අපට ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වුණා.

2012/06/23
අද විදුහල්පති ස්වාමින් වහනසේ ධර්ම ප්‍රචාරක කටයුත්තු සදහා සති දෙකක කාලයනට තායිලන්තය බලා වැඩම කලා.

2012/04/25
 අද උසස පෙළ පංති ආරමභ කලා. දෙවන වරට අ.පො.ස(සා.පෙළ) පෙනී සිටින අයටත් පංතියක් දැමමා.

2012/04/23
අද දෙවන වාරයේ පාසල පටන් ගත්ත දවස.

2012/04/01
 අස සා.පෙළ විභාගයේ ප්‍රථිඵල ආවා .ගොඩාක් අය හොදට පාස් වෙලා. හැමෝටම සතුටුයි.

2012/03/23
අද දකුණු පළාතේ  අධ්‍යාපන චාරිකාවක්  . දරුවන් 120 ක් විතර ගියා.
අමිතා කුමාර පේළි මිය , වනසුන්දර මයා , ප්‍රීයන්ති ස්වර්ණමාලි මිය, දර්ශනී මිය, මංජුලා තියඔරාවත්ත මිය සහභාගි වුණා.
2 ශ්‍රේණයේ දරුවන් අද කොළඔ අධ්‍යාපන චාරිකාවක් ගියා.
සීතා රංජනී මිය, කරුණා ගජනායක මිය , ..........        සහභාගී වුණා.

2012/03/21
අද 3හා 4 පංති වල දරුවන් කොළඔ අධ්‍යාපන චාරිකාවක් ගියා. කැළණි පංසල, වෝටර් වර්ල්ඩ, ග්‍රහලොකාගාරය වගේම ගෝල්පේස් වලටත් ගියා. ලාල් චන්ද්‍රසිරි මයා , සුනේත්‍රා ජයන්ති මිය. ඇසිලින් මිය ‍, තලේවල මිය ගමනට එක්වුණා. බස් 03 ක් ගියා.

2012/03/19
අද කරවිට ම.ම.වි.පැවැත්වෙන උපදේශන සැසියට චතුරානි මඩමෙවත්ත මෙව සහභාගි වුණා

2012/03/16
අද අපේ පාසලට මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂතුමා එක්ක කොටඨාශ අධ්‍යක්ෂවරු විදුහල්පතිවරු ගොඩාක් ආවා කුරුදු වගා භූමිය බලන්න. ඒ ගමන් එයාලා සිංහරාජය බලන්නත් ගියා.
අද 8 පංතිය 6 පංතිය දකු‍න බලන්න කරුණා මිස් රම්‍යා මිස් සේනානායක මිස් දරුවන් එක්කගෙන ගියා.

2012/02/21
අද නිවිතිගල නි.අධ්‍යාපන අධ්‍යක්ස ( පරිපාලන ) නිලානි ජයසිංහ මහත්මිය පාසලට පැමිණ විදුහලේ සංවර්ධනය විය යුතු තැන් හදුනාගෙන ඒවා නිවරදි විය යුතු ආකාරය පෙන්වා දුන්නා.

2012/02/14
අද වතුර මෝටරය අලුත්වැඩියා කරලා ගෙනාවා.

 2012/02/13
විදුහල්පති රැස්වීමට සහභාගි වෙන්න විදුහල්පති ස්වාමින් වහන්සේ දෑල කොට්‍ඨාශ කාර්්‍යාලයට වැඩියා.

2012/02/12
අද  ඉරිදා හවස 3.00 ට ශිෂ්‍යත්ව පදනමෙ රැස්වීම තිබුනා.  24 වැනිදාට පළමු ශිෂ්‍යත්ව ලබා දෙන උත්සවය පවත්වන්න තීරණය කලා.

2012/01/30
අපේ පාසලේ ලහිරු ලක්ශාන් 6 ‍පංතියේ ඉගෙන ගන්නේ.දැන් රත්නපුර මහ රෝහලේ හදුනා ගෙන නැති රෝගයකින් අසාධ්‍ය තත්වයෙන් පසු වෙන්නේ .අද පාසලින් රු 25000 ක මුදලක් ස්වාමිණ් වහන්සේ අතින් දරුවගේ මවට  ලබා දුන්නා.

2012/01/27
 අද පාසල් සංවර්ධන සමිතියේ මහා සභා රැස්වීම පැවැත්වුණා.

2012/01/16
අද පළමු වසර දරුවන් ඇතුලත් කලා.

2012/02/05
අපේ පාසලේ දරුවන්ට පිහිණුම්‍ පාඨමාලාවක් අද ආරම්‍භ කලා. පොලිස් නිලධාරීන් වන
මෙම පුහුණු පාඨමාලාව මෙැහය වනවා.




 2012/01/02
අද නව පාසල් වාරය ආරම්‍භ වුණා.උසස් පෙළ ප්‍රථිපල අද ඇවිත් . සරසියට යන්න 03 නෙකුට පුලුවන් වෙයි. අපි හැමෝටම සතුටු දවසක්.

2011/12/12
අද  O/L විභාගය පටන් ගත්තා . අපේ පාසලින් දරුවන් 73 ක් සහභාගි වෙනවා. ශාලාධිපති ගලස කටයුතු කරන්නේ කෙහෙල්ඔවිටිගම විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමරත්න මහතායි.

2011/12/11
 අද නිවිතිගල ප්‍රාදේශීය සභාවෙ ගරු සභාපති අමිල ගුණරත්න පදනම පළමු වරට පවත්වන ලද අ.සා.(සා.පෙළ) විභාග අත්වැල අප විදුහලේදී පැවැත්වුවා.





2011/12/08
අද දරුවන්ට තෑගී බෙදා දුන්නා.

2011/12/04
අමිල පදනම මෙහෙයවන ගණිතය සම්‍මන්ත්‍රණය ප්‍රධාන ශාලාවෙ පැවැත්වුණා

2011/12/03
 අමිල පදනම මෙහෙයවන විද්‍යා සම්‍මන්ත්‍රණය ප්‍රධාන ශාලාවෙ පැවැත්වුණා.

2011/12/02
මෙවර අ.පො.ස(සා.පෙළ) සදහා පෙනී සිටින දරු දැරියන් ට ස්වාමිණ් වහන්සේලා වැඩම කරවා ආශිර්වාද කිරීම අද දින සිදු කලා.

 2011/12/01
අද සිවිල් අරක්ෂක කමිටුවත් සහබාගි කරගෙන පාසලේ දරුවෙක්ට හදලා දෙන නිවසේ මුල් ගල තියෙන දවස අදයි.මෙ සදහා නිවිතිගල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලානි ජයසිංහ මහත්මිය , ඇලපාත ප්‍රාදේශිය ලේකම්‍තුමිය , නිවිතිගල ප්‍රාදේශිය සභාවෙ ගරු උප සභාපති අමිල මහතා ,

 2011/11/28
අද 6 න් ඉහළ සියලුම දරුවන්ට අවසාන වාර පරීක්ෂණය ආරම්‍භ වුණා.

2011/11/22
 අද දෙවන දිනටත් ජන්දය පැවැත්වුණා. හවස් වරුව ජන්දය ගනන් කිරීම ආරම්‍භ වුණා.විජය වර්ණසූරිය මහතාගේ නායකත්වයෙන් ජන්ද කටයුතු මෙහෙය වීම සිදුවුණා.අධීක්ෂණයෙන් නි.විදුහල්පති කේ සරත් මහතාත් කටයුතු කරමින්

2011/11/21
අද 10 හා 11 ශ්‍රේණිවල අවසාන වාර විභාගය ආරම්‍භ වුණා.අපේ පාසලේ පළමුවැනි පාර්ලිමෙන්තු මැතිවරණය අදයි.ජන්ද 246 අද දින පාවිච්‍චි කලා. හෙට දිනයේත් ජන්දය පවත්වනවා.ජන්දය ආරම්‍භ කලේ පෙ.ව.10.30 ට පමණ විතර වුණා.

 2011/11/18
අද සංගීත විෂය උගන්වන සෝමා අමුවල මිස්ට මාරුවක් ඇවිත්. මිහිදු විද්‍යාලයට.  

2011/11/17
අද සිවිල් ආරක්ෂක කමිටුව මගින් යෝජනා වුණු අපේ පාසලේ අසරන දරුවකුගේ නිවස සාදා දීම ආරම්‍භක දිනය අදයි. ජනාවාසයේ මෙම නිවස සෑදීම සිව්ල් කමිටුවෙ සභාපති විදුහලේ විදුහල්පති ඇත්ඔය මහින්ද ස්වාමින් වහන්සේගේ සිහිනයක් සැබෑ වීමක්.සිව්ල් කමිටුවෙ සභාපති විදුහලේ විදුහල්පති ඇත්ඔය මහින්ද ස්වාමින් වහන්සේ ,පාසලේ උසස් පෙළ සිසු සිසුවියන් වගේම රත්නපුර මූලස්ථාන පොලිස් පරික්ෂක  වීරසිංහ මහතා , හංගමුව ග්‍රාම නිලධාරි මහත්මිය, සිව්ල් ආරක්ෂක කමිටුවෙ හංගමුව භාර පොලිස් නිලධාරී මහතුන් , ඇලපාත ප්‍රාදේශීය ලේකම්‍ කාර්්‍යයාලයේ නිලධාරීන් මෙන්ම විදුහලේ චමරා ඔපනායක මිය, ප්‍රියන්ති ස්වර්ණමාලි මිය සේනානායක මනම්‍‍පේරි මිය සමග අනුර නිශාන්ත මාරපන ගුරු භවතුන්ද සහභාගි වී සිටියා. උදෑසන නිවස හදන ස්ථානයට සියලු දෙනාම රැස්වී පළමුව ආගම සිහිකරමින්ද පසුව ආරාධිත 

2011/11/11
අද උදෑසන රැස්වීමෙදී ජාතික ක්‍රීඩා උලෙල නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික් කාන්තා පාපන්දු කණ්ඩායම නියොජනය කල අප විදුහල් සාමාජිකාවන්ට හිමි ශූරතා සහතික පත් ප්‍රධානය කලා.හෙට දිනයේ දෙරණ නාලිකාව සංවිධානය කරන ඩ්‍රීම්‍ ස්ටාර් සංගීත තරගයේ පරීත්ෂණය සදහා හෙට දිනයේ ඔෂාල් හරේන්ද්‍ර සහභාගි වෙනවා.

2011/11/10
අද පොහොය දිනයක් . අද උසස් පෙළ සමත් වන සිසු දරු දැරියන් සදහා ශිෂ්‍යත්ව ලබා දීමෙ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්‍න්ධව මූලික රැස්වීම විදුහල්පති ස්වාමිණ් වහන්සේගේ මූලිකත්වයෙන් ප.ව. 3 ට පමණ ආරම්‍භ වුණා.භාණ්ඩාගාරික ලෙස සේනානායක මිය තෝරා ගත් අතර අමිතා කුමාර පේලි මිය හා චමරා ඔපනායක මිය විදුහල නියෝජනය කිරීමට පැමිණ සිටියා.

 2011/11/08
 අද අපේ පාසලේ වැසිකිලි 03 ක් සෑදීමෙ කටයුතු ආරම්‍භ කලා. පැල්මඩුල්ල  ගන්කන්ද ම.ම.වි. පැවැත්වෙන සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුව මෙහෙය වන අධ්‍යාපනික ප්‍රදර්ශණය සදහා අප විදුහලින් ඉංග්‍රීසි බසින් නාට්‍යක් අම්‍තා කුමාරපේළි මිය සකස් කර අද  පෙන්නුවා.

2011/11/04
අද ක්‍රීඩා ශක්ති වැඩසටහනට ළමුන් තෝරා ගැනීමෙ පරීක්ෂණය සීවලී ක්‍රීඩාංගනයේ පැවැත්වුණා.ඒ සදහා අප විදුහලින් ඉදිරිපත් වුණු ක්‍රීඩිකා     සමරනායක  පාපන්දු ක්‍රීඩාව සදහා පළමු පස් දෙනා අතරට පැමිණීම විශේෂ සිදුවීමක් වුණා.
1/ ආර් හංසිකා තිලිණි
2/ යූ.ජී. කවීනා සම්‍මානි
3/එම්‍.එම්‍.සුරංගනී මධුශානී
4/ කේ.ජි.ඉරේෂා ධනංජි
5/ජේ.නිලුක්ෂි යසෝධා

2011/11/03
 අද සාහිත්‍ය උත්සවය. ලස්සනට ප්‍රධාන ශාලාව සරසලා.ඊයේ හවස පොල් අතු කඩය අසල ඉන්න ඩැනියෙල්  මාමා ගොක් අතු වලින් ශාලාව සරසන්න පටන් ගත්තා. හරිම ලස්සනට ගොක් අතු වලින් සැරසුවා. 9.45 ට විතර සපබරගමුව පළාත් සභා මන්ත්‍රී රම්‍ය කුමාර මන්ත්‍රීතුමා එක්ක විදුලි බල  නි අමාත්‍යතුමාගේ සම්‍බන්ධීකරන ලේකම්‍ වසන්ත හෙට්‍ටිආරච්‍චි මහතාත් ආරම්‍බක උත්සවය සදහා පැමිණ සිටියා.

 2011/11/02
හෙට උදේ සාහිත්‍ය අත්සවයගඒ වැඩ අතර මම නිවිතිගල කලාපයට ගියා නිල ඇදුම්‍ ඉතිරි ටික දෙන්න.
1.00 ට විතර ඇලපාත සහකාර ප්‍රාදේශීය ලේකම්‍ තුමිය පාසලට ඇවිත් හෙට දිනයේ වැඩ සටහන අධීක්ෂනය කලා.

2011/10/28
 අද උදේ පාසලට ඵලදායිතා සම්‍මානය  ලබා දීමෙ පරීක්ෂාව සදහා පරීක්ෂක මහතුන් දෙපොළක් පැමිණියා.
දවස පුරා ඒ සදහා අවශ්‍ය පරීක්ෂණ සිදු කලා.

2011/10/21
අද ඇලපාත ප්‍රාදේශීය සහකාර ලේකම්‍තුමිය විදුහලට පැමිණ  2011 ඇලපාත සාහිත්‍ය උත්සවය  විදුහලේ ප්‍රධාන ශාලාවෙ නොවැම්‍බර් 04 වැනි දිනපෙ.ව 9.00 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙස දැන්වූවා.

2011/10/19
අද ඇලපාත ප්‍රදේශීය ලේකම්‍ කාර්්‍යාලයේ පැවැත්වෙන දෙමාපියන් අහිමි දරුවන්ට උපකරණ ලබා දීමෙ උත්සවයට අපේ විදුහලේ දරුවන් 10 දෙනකු ‍මෙම වැඩ සටහන සදහා තෝරා ගෙන තියෙනවා.

2011/10/12
  2010- 2011  දේශාභිමාණී ගී තරගය පැවැත්වුණා. තරග කරුවන් තරගකාරියන් 13 දෙනක් සහභාගි ව්ණා.සංවිධානය කලේ සංගීත ආචාරිණී සෝමා අමුවල මහත්මියයි.
 තරග ජයගත්

  ප්‍රාථමික අංශය 1-5 
 1/ එම්‍.ජී.ඩි සචින්ත්‍යා සදජානි           
 2/ අයි.එස්.සශිකලා විජේසේකර
 3/ එච්‍.ඒ.නිමායා වික්‍රමසිංහ

  කණිෂ්ඨ අංශය 6-9
  1/ අයි.ආර්.ඉෂාරා මධුවන්ති
  2/ පී.ඩි.තන්ත්‍රික ප්‍රසාද්
  3/ එම්‍.කේ.හිරුනි දිශාන්තිකා

  ජ්‍යෙෂ්ඨ අංශය
  1/ බි.එන් දුලාලි දිනේෂා
  2/ එච්‍.ආර්.ඔෂාල් හරේන්ද්‍ර
  3/ ආර් හංසිකා තිළිණි

2011/10/07
 අද අප පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම විසිර යාමෙ උත්සවයට සහභාගී වීම සදහා විදුහල්පති ස්වාමින් වහන්සේ සමග නියෝජ්‍ය විදුහල්පති කේ .සරත් මහතාත් සහභාගී වීමට නියමිතයි.
ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන ගුරු උපහාර සදහා උපහාර ලබා ගැනීමට සුදුසුකම්‍ ලැබූ විදුහල්පති ස්වාමින් වහන්සේ හා නිලූපා මෙනවියයි. නිවිතිගල කලාප කාර්්‍යාලය සංවිධානය කල ගුරු උපහාර උත්සවය නිවිතිගල සුමන මහා විදුහල් ප්‍රධාන ශාලාවෙ උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. ඒ සදහා අප විදුහළින් උපහාර ගබා ගත්තේ
  චමරා ඔපනායක මිය
            ලියනගේ මිය
සේනානායක මනම්පේරි මිය

2011/10/06
අද ලෝක ගුරු දිනයයි. උසස් පෙළ ශිෂ්‍ය ශිෂයාවන් සංවිධානය කල උත්සවය ගොඩක් හොදට සංවිධානය කරලා තිබුනා.

2011/10/02
අද දින අපේ පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායම රන්ටැබෙ පුහුනු පාසලේ පැවැත්වෙන තරග සදහා පිටත් වුණා.
එම කණ්ඩායම භාර නිලධාරී ලෙස අජිත් වෙරගම මහතා කටයුතු කටයුතු කරනවා..

2011/09/29
අද සවස දෙකට විදුහල්පති ස්වාමින් වහන්සේගේ කාරුනික ඉල්ලීම පරිදි හංගමුව විද්‍යාලයේ සේවය කල ධනපාල මහතා සහ ආදි ශිෂ්‍ය සුමෙධ මහතාගේ මැදිහත්වීමෙන් පෝල්කන් තේ කර්මාන‍්තශාලාව අධිපති සෑම්‍ ලියනගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් විදුහලට අඩුවක් පැවති සන්නිවෙදන පද්ධතිය විවෘත  කළා.අද දින මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පෝල්කන් තේ කර්මාන‍්තශාලාව අධිපති සෑම්‍ ලියනගේ මහතාගේ පුත් 

2011/09/28
අපේ විදුහලින් පලමුවරට ශිෂ්‍යභටයින් රන්ටැබෙ පුහුණු පාසලේ පැවැත්වෙන තරගාවලියට සහභාගි වීමට 2011/10/02 වැනි දින යාමට නියමිතයි. කණ්ඩායම භාරව අජිත් වෙරගම මහතාත්

2011/09/24
අද කිරිබත්ගොඩ විශාකා බාලිකා විදුහලේ පැවැත්වෙන සමස්ත ලංක‍ා පාසල්  තයිකොන්ඩෝ 2011 තරගාවලියට   අපේ විදුහලින් පළමු වරට  ඔෂාල් හරේන්ද්‍රයි සහභාගිවන්නේ අද සහා හෙට මෙම තරග පැවැත්වෙනවා. ඔහුගේ පුහුණු කරු පී.එච්‍.පී. සුජීවයි.

2011/09/22
අද අපේ පාසලේ ශිෂ්‍යභට බලකා තරගයට සහභාගි වෙන දරුවන් සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණය සදහා රත්නපුර රෝහලට රැගෙන ගියා.සර්වෝදය ආයතනය සංවිධානය කල දේශණයක් 8 න් ඉහළ ළමුන් සදහා පැවැත්වුණා.රත්නපුර පොල්ස් ස්ථානයේ මහජන සම්‍බන්දතා නිලධාරී                       සහභාගි වුණා.

2011/09/21
  අද පාසලට 

 2011/09/17
 කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ ම.ම.වි පැවති සබරගමුව පළාත් නැටුම්‍ තරගාවලියව අප විදුහලින් ඉදිරිපත් වුණ  සිතාර ශිෂයාව දෙවැනි ස්ථානයට පත්වුණා.

2011/09/15
  අද පාසලට පැමිණි රත්නපුර ආයුර්වෙද වෛද්‍යවරියන් වන                       ඔසු පැල සිටුවීම සහා ඒ පිළිබද දේශණයක් පවත්වා පාසල් දරුවන් දැනුවත් කල අතර

2011/09/13
   2003 වර්ෂයේ මහා ගංවතුර නිසා විනාශ වෙමින් පැවති විදුහලේ ලොග් පොත්, ලතුණු පොත්, නිවාඩු ලේඛණ සියල්ල විශාල වියදමක් දරමින් නැවත සකස් කර භාවිතයට ගැනීම සදහා අද දින විදුහල්පති ස්වාමින් වහන්සේ නි.වි සරත් මහතාට බාර දුන්නා.

2011 /09/12
                අද පාසලට පැමිනි නිවිතිගල කලාපයේ නි අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලානි ජයසිංහ මිය විදුහලේ කටයුතු නිරීක්ෂනය කරමින් අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කලා.

2011/09/05
 අද ‍තෙවැනි  පාසල් වාරය ආරම්‍භ වුන දවස.හැමෝම සතුටින් පාසලට ඇවිත් තිබුණා. විදුහල්පති ස්වාමිණ් වහන්සේ උදෑසන රැස්වීමෙදී දරුවන් හැසිරිය යුතු ආකාරය පිලිබද අනුශාසනාවක් පැවැත්වුවා.

2011/06/05
අද පැවති සබරගමු පළාත් පාසල් කාන්තා වයස අවු 19 න් පහළ පාපන්දු තරගාවලියේ අනු ශූරතාවය දිනා ගැනීමට අප කණ්ඩායමට හැකි වුණා.

 
2011/05/25

රත්නපුර කලාපයේ උපදේශනය භාර

2011/05/23
අද දින පැවැත්වුණා රත්නපුර දිස්ත්‍රික් ක්‍රීඩා සමාජ අතර පාපන්දු තරගාවලිය.ඉන් ප්‍රථම ස්ථානය ලබා ගත්තේ අප විදුහල් කන්ඩායමයි.

2011/05/16
    2006 ශ්‍රී සමිබුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අද අසරන පවුල් දෙකක් තෝරා ගෙන ඔවුන්ට වියළි ආහාර සහ ඇදුමි ලබා දීමක් ගුරු මණ්ඩලයේ දායකත්වයෙන් සිදු කලා. අද අපිත් එක්ක සෑහෙන කාලයක් ඉතාමත් සුහදව වැඩ කල පී.එමි දයානි ගුරු මාතාව වෙනත් පාසලකට මාරුවක් ලැබ යන අවස්ථාව අපි සියලු දෙනාටම වෙදනාකාරී වුණා.




පී.එමි.දයානි ගුරු මාතාව


අපි ඔබව තනි කලේ නෑ අමිමෙ


2011/05/13

2011/05/12
 අද  ධර්ම  දේශණාවක් හා උසස් පෙළ පංති ආරමිභය


උසස් පෙළ පංති ආරමිභය



උසස් පෙළ පංති ආරමිභය













2011/05/11
    වෙසක් උත්සවයට සැරසිලි කරන උසස් පෙළ දරුවන් 






2011/05/05
 අද උදේ7.00 ට  11 ශ්‍රෙණියේ දරුවන්ට ගණිතය ඉගැන්වීමෙ ව්‍යාපෘතියක් අජිත් වෙරගම මහතා ආරමිභ කලා.

2600 සමිබුද්ධ ජයන්තිය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහනක ආරමිභක දිනය අදයි. අමුවල පංසලේ ශ්‍රමදානයක් සංවිධානය කරලා තිබුනා.උදේ 8.30 සිට 11.45 වෙනකමි 9 වන ශ්‍රෙණියෙන් ඉහළ දරුවන් සහභාගි වුණා.

2011/04/18

2011/04/18
   අද අලුත් අවුරුද්දේ නැකතට වැඩ අල්ලන්න තිබුන දවස.අද පාසලට එනකොට ගංවතුරත් ඇවිල්ලා .පිටිටනියට වතුර දාලා .


2011/04/08
  ප.ව.7.00 ට සල්පිළ ආරමිඵ කලා . එම අවස්ථාවට නිවිතිගල කලාපයෙ නි අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලානි ජයසිංහ මහත්මිය සමග සබරගමුව පළාත් සභාවෙ මන්ත්‍රී රම්‍ය කුමාර නිවිතිගල ප්‍රාදේශීය සභාවෙ උප සභාපති අමිල මහතාත් සහභාගී වි සිටියා.




අපරදිග සංගීත භාන්ඩ භාර දෙන අවස්ථාව


අපරදිග සංගීත භාන්ඩ භාර දෙන අවස්ථාව


අපරදිග සංගීත භාන්ඩ භාර දෙන අවස්ථාව



පාසලේ නැටුමි කණ්ඩායම
                                                              
2011/03/23

 අද දින පැවති රත්නපුර දිස්ත්‍රික් කාන්තා පාපන්දු තරගාලියේ 17 න් පහළ අනු ශූරතාවය ලබා ගැනීමට අප විදුහල් කණ්ඩායමට හැකි වුණා. ජේසු බිලින්දාගේ කන්‍යාරාමය සමග පැවති අවසන් තරගයේදී ගෝල් 1-0


 2011/03/21
දැනුන ලොකුම වෙදනාව පාසලේදී අද මට දැනුනා. අවු 11 ක් අපිත් එක්ක එකට ඉදලා පෙන්ෂන් ගන්න ප්‍රේමරත්න සර් අදින් පස්සේ ආපහු පාසලට එන එකක් නැහැ.

2011/03/07
අප විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකු වන  වනසුන්දර මහතා ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම  විදුහලට පැමිණ විදුහලේ දරුවන්ගේ අවශ්‍යතා



ස්වාමින් වහන්සේට ලබා දෙන අවස්ථාව


ක්‍රීඩා නායකයාට ලබා දෙන අවස්ථාව

 2011/28
අද මීගස්තැන් වි වදුහල්පති 

2011/02/24
දින තුනක් පුරා පැවති නිවිතිගල කොටිඨාශ ක්‍රීඩා තරග අද දින ්වසන් වුණා. අපේ පාසලේ දරුවන් ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වුණා.
 11 න් පහළ බාලක

මීටර් 75                 ලහිරු ලක්ෂාන්        දෙවන ස්ථානය
උස පැනීම              අයි.ආර් . රූපසිංහ     දෙවන ස්ථානය
13 න් පහළ බාලක

මීටර් 200                                 මීනුක හිමාන්           තෙවන ස්ථානය
උස පැනීම                                පී.ජී. චමිදු නුවන්      පළමු ස්ථානය
13 න් පහළ බාලිකා

මීටර් 200 / දුර පැනිම               සදුනි සුලොචනා        තෙවන ස්ථානය 
දුර පැනිම                                සදුනි සුලොචනා         පළමු ස්ථානය
උස පැනීම                               හර්ෂදී පෙරේරා         තෙවන ස්ථානය

15 න් පහළ බාලක

යගුලිය විසිකිරීම                    ඉෂාර ලක්මාල්          තෙවන ස්ථානය
හෙල්ල විසිකිරීම                    ඉෂාර ලක්මාල්          පළමු ස්ථානය
හෙල්ල විසිකිරීම                    ප්‍රසාද් මහානාම         තෙවන ස්ථානය
17 න් පහළ බාලක

මීටර් 100                               පුබුදු නිමන්ත              දෙවන ස්ථානය
මීටර් 200                               පුබුදු නිමන්ත              දෙවන ස්ථානය
තුන් පිමිම                              පුබුදු නිමන්ත              තෙවන ස්ථානය
මීටර් 1500                             සමන් කුමාර               දෙවන ස්ථානය
19 න් පහළ බාලක

කවපෙත්ත විසිකිරීම             ඔෂාල් හරේන්ද්‍ර           තෙවන ස්ථානය
යගුලිය විසිකිරීම                   ඔෂාල් හරේන්ද්‍ර           තෙවන ස්ථානය
හෙල්ල විසිකිරීම                  ඔෂාල් හරේන්ද්‍ර            දෙවන ස්ථානය
19 න් පහළ බාලිකා

මීටර් 100                               කාංචන මාලා               දෙවන ස්ථානය








2011/02 /22
අද නිවිතිගල කොටිඨාශ ක්‍රිඩා තරග ආරමිභ වුණා.

2011/02/14
අද පාසලට පැමිණි සියලු දෙනාට දකින්නට ලැබුනේ දෙමහල් ගොඩනැගිල්ලේ සාදා තිබුනු ඔබර කූඩුව. දරු වන්ගේ ආරක්ෂාවට පාසල වසා දමන්නට විදුහල්පති සුවාම්ණ් වහන්සේ කටයුතු කලා.නිවවිතිගල කලාප නි.අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලානි ජයසිංහ මහත්මියත් පාසලට පැමිණියා.



2011/02/25
අද නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය
  මෙතනින් බලන්න




2011/01/14
අද එල්ලේ තිබුණා. 

2011/01/13
අද මැරතන් එක තිබුණා.  ළමයි හොදට දිවිවා.සීතල නමි තදටම තිබුණා.


2011/01/12
අද ක්‍රිකටි තරග තිබුණා..


2011/01/10
අද ත්‍රිකටි ගරග පවත්වන්න තිබුනේ.ඒත් වැස්ස නිසා පිටිටනිය මඩ වෙලා . හෙටට කල් දැමිමා.

2011/01/05
අදත් ළමයි තොරා ගන්න පිටිටනි දැමිමා.හවස 1 ට පාසල් සංවර්ධන සමිතිය තිබුනා.

2011/11/04
අදත් උදේ තෝරා ගැනීමි සදහා  පිටියනියට දැමිමා.

නව පාසල් වාරය

2011/01/03
අද පාසල පටන් ගත්ත පළමු දිනයයි. උදේ රැස්වීම තියලා කිවිවෙ මෙ පාර නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පිළිබදවයි. ජනවාරි 21 වැනිදට තියන්න සියලු කටයුතු සුදානමි කරන්න කියලා විදුහල්පති ස්වාමිණ් වහන්සේ උපදෙස් ලබා දුන්නා.9.00 ට නිවාස රැස්වීමි තිබිබා.10.45 ට සියලු දෙනාම පිටිටනියට ගත්තා තෝරා ගැනීමි වලට.

2011/01/02 හෙට පාසල පටන් ගන්න දවස. සියල් දෙනාම ඇවිත් ශුද්ධ පවිත්‍ර කලා.ඊට පස්සේ විදුහල්පති ස්වාමිණ් වහන්සේ ගුරු සාකචිජාවක් තිබිබා.1.30 විතර වෙනකමි.

2010/12/10
අද නිවාඩු දෙනවා. ප.ව. 12 ට රැස් වීමි ශාලාවෙිදී ගුරු සාකචිජාවක් පැවැත්වුණා.අවසන් වෙන කොට ප.ව.2.35 විතර වුණා.


2010/12/09
අද අඩුවෙන්ම නිවාඩු ගත් ගුරු මහත්ම මහත්මීණ්ට වගේම පංති වල 1 වන ස්ථාන 2 වන ස්ථාන 3 වන ස්ථාන ගත් දරු දැරියන් සදහා තෑගි ලබා දීමත් නි වි. සරත් මහතා අගේව සංවිධානය කරලා තිබුනා.

2010/12/08
අද දිනයේ විදහලේ සේවය කරමින් සිව වෙනත් පාසල් වලට ස්ථාන මාරුවී ගිය විදුහල්පති ඒ .එමි විමලරත්න මයා, මල්ලිකා දිමියාව මිය,චිත්‍රා කෝන්ගහවිට මිය , සදහා චාමි උත්සවයක් හා අද දින නොපැමිණි ජිනාදරී මිය සදහා චාමි උත්සවයක් පැවත් වුණා .ඒ වගේම විද්‍යාගාරයට සමිබන්ද ගුරු මහත්ම මහත්මීණ් සංවිධානය කල වසරේ වාසනාවන්තම ගුරු මහතා හෝ මහත්මිය තෝරා ගැනීමෙි තරගයෙන් ජයග්‍රහණය සජීවනී රණසිංහ ගුරු මහත්මියට හිමි වුණා.


2010/12/02
 මෙවර අ.පො.ස(සා.පෙළ) සදහා පෙනී සිටින දරු දැරියන් ට ස්වාමිණ් වහන්සේලා වැඩම කරවා ආශිර්වාද කිරීමඅද දින සිදු කලා.
මීට අමතරව හෝමාගම ම.ම.වි. සේවය කරන ආනන්ද රත්නායක මහතාගේ විශේෂ දේශනයක් පැවැත්වුණා.
ගරුතර ස්වාමිණ් වහණ්සේලා පිරිතට වඩින අවස්ථාව
පිරිතට සවන් දෙමින්         පිරිත් නූල් ගැට ගසා ගන්නා දරුවන් පිරිසක්

මානසික අභ්‍යාසය මෙහෙය වන ආනන්ද රත්නායක මහතා






2010/11/24
අද දින පාසලේ අභ්‍යන්තර ඇමතුමි පදිධතියක් සවි කිරීම සදහා අවශ්‍ය සියලු උපකරණ ලබා දීමට ඇලපාත ‍පෝල්කන් තේ කමිහල අධිපති සෑමි ලියනගේ මහතා කටයුතු කලා.මෙි සදහා සමිබන්ධීකරණයෙන් අපේ පාසලේ සේවය කල ධනපාල මහතා කටයුතු කලා.


2010/11/19
අද තොරතුරු තාක්ෂණය පිළිබද දරුවන් දැනුවත් කිරීම සදහා සිංගර් ආයතනය ඒ සදහා ඔවුන්ගේ විශේෂ බස් රථය පැමිණියා.නි.වි (සංවර්ධන) සාවිත්‍රී විමලසේන මිය සංවිධානයෙන් සහාය වුණා.

10 හා 11 වසර දරුවන් දැනුවත් කරම්න්
නිවිතිගල කලාපයේ තෝරාගත් පාසල් 12 ක පරිගණක ගුරුවරුන් සඳහා පරිගණක දෘඩාංග හා ජාලකරණය පිළිබඳ තෙදින වැඩමුළුවක් ර/ පෑබොටුව මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.

සබරගමු පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුනීතා මැණිකේ මහත්මියගේ මුලිකත්වයෙන් සහ ගණිත ගුරු උපදේශක පී පතිරත්න මහතා ප්‍රමුඛ සබරගමු පළාත් දෘඩාංග කණ්ඩායම විසින් මෙම වැඩමුළුව ඉතා  සාර්ථකව පවත්වන ලදී.අප විදහලේ සජීවනී රණසිංහ මහත්මිය හා සරෝජනී මහත්මිය මෙම වැඩ සටහනට සහභාගී වුණා.





2010/11/18
අද ජාතික රුක්රෝපණ දිනයයි. අපේ පාසලෙත් පුවක් පැළ 2000 ක් පැළ කරා
ස්වාමිණ් වහන්සේ පළමු පැළය ලබා දීම
එකම මොහොතේ පැළ සිටුවන දරුවන්

නි.විදුහල්පතිතුමා පැළයක් සිටුවමින්.
2010/11/17
අද පාසලේ පළමු කැඩෙටි කණ්ඩායම පුහුණු කිරීම ආරමිභ කලා. ඒ සදහා දින 45ක විශේෂ පුහුණු පාඨමාලාවක් අජිත් වෙිරගම ගුරු මහතා හැදෑරුවා. අද ශිෂ්‍ය භට බලකායෙන් විහේෂ නිලධාරි තුමෙ ක්පැමිණියා.


2010/11/11
ආරාධිත අමුත්තන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්
           
මහ ඇමති තුමා සමග අපේ ඇමතිතුමා


පිළිගෙන විදුහල් භූමිය කරා පැමිණෙමින්
විදුහල්පති ස්වාමිණ් වහන්සේ සමග
                                                                            
                                                


අද අපේ පාසලට ‍ඵෙතිහාසික දිනයක්. කුරුදු වගා කරලා ඒ එන ආදායම පාසලේ දරුවන්ගේ සුභසාධනයට යොදවනවා.උදේ 8.40 වෙන කොට මහ ඇමති වගේම විදුලි බල හා බලශක්ති අමාත්‍ය ප්‍රේමලාල් ජහසේකර 
රත්නපුර දිස්ත්‍රික් මණ්ත්‍රි ජානක වක්කුඔර මැතිතමත් ඇතුඵ ආරාධිත අමුත්තන් රාශියක් පැමිණියා. තූර්්‍ය වාදක කණ්ඩායම පිළි අරගෙන උත්සව සභාව වෙත කැදවගෙන ගියා
අද ලේ දන් දිමකුත් සංවිධානය කරලා තිබුනා.මංජුලා මිස් , පබසරා මිස් ,ඉනෝකා මිස් , මාරපන සර් අගේට සංවිධානය කරලා තිබුනා.

2010/11/10
අද හෙට තියෙන උත්සවයට ලෑස්ති වෙනවා.වැඩ ගොඩක් ඉතුරු වෙලා. ඒ මදිවට හවස වහින්න ගත්තා. වැස්සෙම හැමෝම නියමිත වැඩ ‍වල යෙදිලා. දිමුතු ප්‍රේමරත්න ඇවිත් හෝල් එකම සරසලා ගියා. තොරණ  ආදි ශිෂ්‍ය සංගමය කලේ.  
2010/11/09
අද කුරුදු පැළ ගේන්න යන්න ලොරි 05ක් ආවා. පැළ 7200 ක් ගෙනාවා. අද අපි හැමෝම යන්ත්‍ර වෙලා. තව කෙනෙක් දිහා බලන්නවත් වෙලාවක් නැති වුණා. ඒ තරමට වැඩ. පැළ බානවා , පැළ ගෙනි යනවා, අඩුක් කරනවා, හරිම සතුටින් කලා. මහන්සියක් දැනුනෙවත් නෑ.
2010/10/26
අද දින ඇලපාත .ම .වි පැවැත්වුණා  ශරීර සුවතා පුහුණු වැඩමුලුවක් . දූලා 04 ක් එක පුතෙක් සහභාගි වුණා. 
 පෑබොටුව වි පැවැත්වෙන දින 03 ක දෘඩාංග පුහුණු පාඨමාලාව සදහා සජීවනී ගුරු මාතාව සමග  සරෝජනී ගුරු මාතාව සහභාගි වෙන්ඩ ගියා.

2010/10/20
අද ප්‍රථමාධාර වැඩ සටහ‍නේ අවසන් දිනයයි. ‍‍ශාන්ත ජෝන් ගිලන් රථ සේවය මගින් එහි කොටිඨාශ අධිකාරි චානක සමිපත් රුවන් කුමාර මහතා සමග පසිදු සමිපත් සෙනෙවිරත්න හා වජිර නුවන් මලලසේකර  යන මහත්වරුන් සහභාගි වුණා.

2010/1019
අද දින දෙවන දිනටත් ප්‍රථමාධාර වැඩ සටහන සදහා දුවා දරුවන් උනන්දුවෙන් සහභාගි වුණා.
2010/10/18
අද දින 03 ක ප්‍රථමාධාර පුහුණු වැඩමුලුවක් ආරමිභ කලා.

2010/10/17
  මත් නිවාරණ වැඩසටහන මෙහෙය වූ අජිත් ආරියසේන මහතා එවන ලද  ලිපිය මෙ සමග ඉදිරිපත් කරන්නේ හැමදෙනාටම බලා ගන්න.
2010.10.14 දින පැවති මත්නිවාරණ වැඩසටහන සහා විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලෙයන් ලබා දුන් සහයෝගය ඇලපාත ප්‍රා‍දේශිය ලේකම් තුමිය  සහ සමෘද්ධි සමාජ සංවර්ධන අංශයේ ස්තුතිය පිරි නමමි.
 එම වැඩ සටහන ආරමිභයේදී දි ගන්නා ලද තොරතුරු අනුව මත් නිවාරණය පිළිබබ අවබෝධය 78% ට පමණ නොති බු බවත් වැඩ සටහන අවසන් වීමෙන් පසු ගන්නා ලද තොරතුරු අනුව 82%ට පමණ නිවැරදි අවබෝධය ලබා ෙගන අති බවත් සතුටින් දන්වමි. මෙි තත්ත්වය දිගින් දිගටම පවත්වා ගැනිමට ඔබ අප කාගේත් වගකිම  බව පවසන අතර ඉදිරිෙය් දි ෙම් දරුවන් දසඟ සම්බන්දව කටයුතු කිරිමට සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
 
අජිත් ආරියසේන
සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර
ඇලපාත.
අද දින 2010 /11/11 වැනි දින පැවැත්වීමට නියමිත කුරුදු වගා කිරීමෙි  නිල උත්සවයට සමගාමීව ලේ දන් දීමෙි කදවුර එදිනට දින නියම කර ගත්තා.
අද දින 03 ක ප්‍රථමාධාර පුහුණු වැඩමුලුවක් ආරමිභ කලා.
 2010/10/14
මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් අද අපේ 12 වසරේ දුවා දරුවන් සංවිධානය කලා.10  වසරේ දූ දරුවන් සහභාගී වුණා. ඇලපාත ප්‍රාදෙශිය ලේකමි කාර්්‍යයාලයේ                                                                                
 2010/10/12
අද දින පැමිණි උසාවි වි‍ෙඔා්දන නිලධාරි මහතා කුරුදු වගාව සදහා ඉඩම සකස් කිරීමට සිර දඩුවමි විදින සිරකරුවන් යොදා ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කලා . මෙ සදහා අනුර මාරපන මහතා ට සමිබන්ද

2010/10/06
  අද ලෝක ගුරු දිනය. දුවා දරුවන් හුගක් මහන්සි වෙලා ලොකු උත්සවයක් සංවිධානය කරලා.හැමෝටම හරිම සතුටුයි.තූර්යය වාදක කණ්ඩායම ගුරු මෑණිවරුන් හා ගුරු පියවරුන් විදුහල් භූමියට කැදවා ගෙන ආවාම බුලත් දීලා දෙපා වැදලා පිළි අරගෙන ප්‍රධාන ශාලාවට ගියා අසුන් ගන්න.
2010/10/04
අද උදේ විදුහල්පති ස්වාමිණ් වහන්සේ අදහස් පළකරමින් කියා සිටියේ ශරීරර සුවතා වැඩ සටහන ඉතාමත් හොදින් ක්‍රියාත්මක වන වන බවත් එහි ගෛෘරවය මාරපන සර්ට හිමි විය යුතු බවත්ය . කුරුදු වගා භූමිය  පරීක්ෂා කිරීම අද උදේ 10 ට පමණ 8න් ඉහළ සියලු දරුවන්  හා ගුරු හමහත්ම මහත්මීන් සමග විදුහල්පති ස්වාමිණ් වහන්සේ  සහභාගි වුණා. හැමෝටම හරිම පුදුමයි මෙ තරමි ඉඩමක් විදුහලට තිබුනා කියලා .


2010/10/03 අද ඉරිදා .අපි උදේම යන්න ලෑස්ති වුනා ඉනෝකා මිස් බලන්න.දරුවා ලැබෙන කොටම නැති වෙලා තිබුනා. හැම දෙනාම දුක් වුනා.මාවනැල්ලේ ඉදලා අරනායතට යන පාර නමි දුෂ්කරයි. ලාල් සර්, ස්වර්ණා මිස් ,දයානි මිස්,තලේවල මිස්,නිරූපා මිස්,සේනානායක මිස්,කරුණා මිස්,අජිත් සර්,ප්‍රේමරත්න සර්,මාරපන සර්,මල්ලිකා මිස්,සුනේත්‍රා මිස්,දීපා මිස්,ප්‍රියන්ති මිස්,අමිතා මිස්,ජයන්ති මිස්,සජීවනි මිස්,සරෝජනි මිස්,ගමනට එකතු වුණා.හුගක් මහන්සි වෙලා ලෙකු සංග්‍රහයක් ඉනොකා මිස්ලා අපිට දුන්නා.

2010/10/02
අද චමරා මිස්ගේ සිහිනයක් සැබෑ‍ වුණා. පාසල් වත්තේ ඔසු උයනක් හදන්න සෑහෙන කාලයක ඉදන් බලා ගෙන හිටියට ඒකට අවස්ථාවක් දුන්නේ නැහැ. දැන් ඉන්න විදුහල්පති ස්වාමිණ් වහන්සේ  දැනගත්තා විතරයි අවශ්‍ය සියලු දේ ලබා දුන්නා. අද නැකතට ඔසු පැල සිටෙවිවා ස්වාමිණ් වහනසේගේ අතින්ම.  වෙලාවට සහභාගි වෙන්න මාරපන සර් කරුණා මිස් වගේම විශ්‍රාම ගිහින් ඉන්න ගමගේ සර් දෙමාපියන් ඇවිත් හිටියා. හැබෑයි ඊයේ රැ වැස්සට පොඩි පිටිටනියට වතුරත් ඇවිල්ලා.
නැකත් වෙලාව හරි පෙ.ව 7.25

නියමුවා චමරා මිස්
මවක්
කරුනා මිස්

මාරපන සර් පැලයක් සිටවනවා



2010/10/01

විශ්ව ළමා දින සමරමු

අද ‍ ලෝක ළමා දිනයයි. අද අපි අපේ දුවා දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කලා.  විදුහල්පති ස්වාමිණ් වහන්සේගේ උපදෙස් වැඩසටහන් සංවිධානය කිරීමට හුගක් උදවි වුණා.පළමුවෙන් අපි උදේ රැස්වීම පටන් ගත්තේ ළමා දිනයේ ඇති වැදගත් කම පැහැදිළි කරලයි. නිරංජලා මිස් අගේට ඒක කලා.ඉන් පස්සේ 11 වසර ඉගෙන ගන්න දුවක් . ළමා ලොකය ගැන  හරි හරියට පැහැදිළි කරලා දුන්නා .ඊට පස්සේ  අජිත් සර් දරුවන් අමතලා අවවාද ගොඩක් දුන්නා.ඉන් අනතුරුව මාරපන සර් කරන ක්‍රියාකාරකමි ගැන අපට පැහැදිලි කලේ ජේ්‍යෂ්ට අංශභාර ප්‍රේමරත්න සර්.ස්ථාන 06 කදී කඔ ඇදීම , සංගීත පුටු තරගය, හිසට තොප්පිය දැමීම,පන්දුවෙන්  ‍ගැසීම, පන්දුව දැමීම,කදු තරණය හරි අපූරුවට දරුවන් සහභාගී වෙලා සතුටු වුණ හැටි අපි දැක්කා. ඒ අතරෙදි දායානි මිස් අමිතා මිස් ප්‍රියන්ති මිස් ලාල් සර් දරුවන්ට බිස්කටි බීම වලින් සංග්‍රහා කරලා පුංචි තෑග්ගකුත් දුන්නා.පංති කාමරයට කොටු වෙලා හිටිය අපිට අද නමි හරිම සතුටු දවසක්.  

ස්වාමිණ්  වහන්සේ දරුවන්ට තෑගි බෙදනවා
 
                                                 
දයානි මිස් දරුවන්ට තෑගි දෙනවා
තොප්පිය මාරු කරමින්



කඔ අදින්න අපි දැන් ලැහැස්තියි


සංගීත පුටු තරගය උණුසුමි අවස්ථාවක







පන්දුව ඉලක්කයටම


2010/09/30
අද ශිෂ්‍යත්ව ප්‍රථිපල ඇවිත්.හැමෝටම සතුටුයි. ලාල් සර් ලියුම කැඩුවා.3 දෙනෙක් පාස් වෙලා.
H.W.නිපුනි මධුෂානි හංසිකුමාරි ලකුණු 145
8G.G ගයාන් මධුසංඛ ගමගේ ලකුණු 148
K.D.සනුජි දිලංකා ජයකොඩි ලකුණු 160


2010/09/30
අද ලංකා දීප පත්තරේ 9 වසර දුවෙක් ලියපු ලිපියක් දැතලා හැමෝටම සතුටුයි . දුවගේ නම  

    අපේ පාසලටත් ශිෂ්‍ය සුභ සාධන සංගමයක්

 සිසු ද‍රු දැරියන්ගේ සුභ සාධන කටයුතු  උදෙසා ශිෂ්‍ය සුභ සාධන සංගමය පිහිටුවන ලදී.මේය පිහිට්ුවීමේ අරමුණ වන්නේ

  1. පාසලතුල රෝගාබාධ වලට ලක්වන සිසුන්ට උපකාර කිරීම.
  2. ආර්ථික අපහසුතාවයන්ට ලක්වන සිසුන්ට පාසල් උපකරණ ලබාදීම
  3. විශේෂ දක්ෂතා දක්වන සිසුන්ට ත්‍යාග ප්‍රදානය කිරීම.
  4. වාර්ෂිකව ගුරුවරුන් සඳහා උපහාර උළෙලක් පැවැත්වීම.
  5. පාසල අලංකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම.



2010/09/30
 අද දින ප.ව.1.30 ට පමණ විදුහල්පති ස්වාමිණ් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගුරු සාකඡචාවක් පැවැත්විණි. මින් පසු සෑම මසකම අවසන් බ්‍රහස්ප්තින්දාවකම පැවැත්වීමටත් සියලුම ගුරු මහත්ම මහත්මීණ් එකග විය. නාම ලේඛණයේ පිළි‍වලට ගුරු මහත්ම මහත්මීණ්ට අසුන් පිළියෙල කර තිබීම සෑම දෙනාගේම සතුටට කරුණක් විය.ස්වාම්න්ණ් වහන්සේ විසින් තේ පැන් සංග්‍රහයක් ලබා දෙන ලදී.ගුරු කාර්්‍යයභාරය  විස්තර කරන ලදී.
                                                                    
.ගුරුවරුන් සමග සුහදව

විදුහල්පති ස්වාමිණ් වහන්සේට සවන් දෙමින්

  2010/09/27
අද දින විදුහල්පති ස්වාමිණ් වහන්සේ විදුහල්පති රැස්වීම ට සහාභාගී විය.

2010/09/22
අද දින පැවති  හ්‍රී ලංකා පාපන්දු සංගමය මෙ‍‍‍හ‍ය වන පළාත් පාසල් අවු 15 න් පහළ බාලක පාපන්දු තරගාවලියට අප කණ්ඩායම සහභාගි වූ අතර තරග 04 කට සහභාගී වී ඉන් තරග දෙකක් ජය පරාජයෙන් තොරව හා තරග දෙකක් පරාජය වීම නිසා අවසන් පූර්ව වටය සදහා පැමිණිමට නොහැකි විය.


2010/09/21
අද දින පැවති හ්‍රී ලංකා පාපන්දු සංගමය මෙහය වන පළාත් පාසල් අවු 15 න් පහළ කාන්තා තරගා වලියේ සබරගමු පළාත් අනු ශූරතාවය හිමිකර ගැනීමට අප විදුහල් කණ්ඩායමට හැකි විය.  මුද්දුව ක්‍රීඩා පිටියේ පැවති මෙම තරග සදහා පාසල් ගනනාවක් සහභාගී වීය. අවසන් තරගය සදහා අප විදුහල් කණ්ඩායම සමග  ඇඔිලිපිටිය ම . වි සහභාගි වූ අතර ගෝල් (1-0) ජයක් ලබා ගැනීමට ඇඔිලිපිටිය කණ්ඩායම සමත් විය.

2010/09/12 
අද දින විදුහල්පති ස්වාමින් වහන්සේ සුවය ලබා විදුහලට වැඩම කරවීම සියලු දෙනාගේම සතුටට හේතුවක් විය
2010/09/07
 අද දිය පාසල 3 වන වාරය සදහා ආරමිභ විය. අද දින වන විටත් ගරු විදුහල්පති ස්වාමින් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වැඩි දුර ප්‍රතිකාර ලබන අතර ගුරු මණ්ඩලයේ හා සිසු සිසුවියන්ගේ එකම පැතුම වී ඇත්තේ ඉක්මන් සුවය ලබා

2010/08/
 අද දින විදුහල්පති ස්වාමින් වහන්සේ හදීසියේ රෝගී වී රත්නපුර මහ රෝහලට ඇතුලත් කර පසු දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇත.දැනට හදිසි ප්‍රතිකාර ඒකකයේ සුවය ලබමින් සිටින අතර

 2010/08/24
  අද දින ආදි ශිෂ්‍ය රැස්වීම විදුහල්පති ස්වාමින් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් ප.ව. 2 කට පමණ ආරමිභ විය.

2010/08/09
 අද දින ප.ව. 3.00ට රත්නපුර දිස්ත්‍රික් කාන්තා පාපන්දු පුහුණු සංචිතයට තේරුණු අප විදුහල් 17 න් පහළ පාපන්දු කන්ඩායමෙ  ක්‍රිඩිකාවන් 07  සීවලී ක්‍රීඩාංගනයේදී ප්‍රථම දින පුහුණු වැඩ සටහනට සහභාගී විය. එම අවස්ථාව සදහා විදුහලේ පාපන්දු පුහුණුකරු වනශාරිරික අධ්‍යාපන උපදේශක අනුර මාරපන මහතාද සහභාගි විය.

2010/08/06
අද දින දෙවන පාසල් වාරය අවසන් විය.විදුහල්පති ස්වාමීණ්වහන්සේ ගුරු මණ්ඩලය හමු වී තෙවන වාරයේ  ඉදිරි වැඩ සැලසුමි කර ගැනීමත් නිවාඩු කාලයේ 11 වසර පංති සදහා දිනපතා  පංති පැවැත්වීමත් පිළිබද විශේෂ අවධානය යොමු කරන ලදී.  20 වැනි දින පාසල ට සියලු දෙනා පැමිනෙන ලෙසටත් දන්වන ලදී අද දින නිවිතිගල කලාපයේ නි අ. අධ්‍යන්ෂිකා නිලානි ජයසිංහ මහත්මිය පැමිණ 11 වසර ගණිත ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබද සොයා බලන අතරම පාසල ඉදිරි පිට ඇති කාණුවෙ ජළය බැස නොයෑම පිළිබද සොයා බලා අවශ්‍ය කටයුතු  කරන ලෙසටත් දන්වන ලදී.

2010/08/05
 අද දින ඇලපාත උප ලේකමි කාර්්‍යාලයේ පැවති ජීවන නිපුනතා පුහුණු වැඩමුලුව සදහා ළමුන් 08 දෙනෙක් සමග ශාරීරික අධ්‍යාපන උප ගුරු අනුර මාරපන මහතා  සහභාගි විය.විදුහල් භූමියේ කුරුදු වැවිමෙ ව්‍යාපෘතිය සදහා අවශ්‍ය උපදෛස් හා මග පෙන්වීම සදහා කෘෂි අපනයන සංවර්ධන දෙපාර්තමෙන්තුවෙ නලධාරි මහතෙක් පැමිණි නිරීක්ෂණ කටයුතු වල යෙදුනි.

2010/08/04
 අද දින ආදී ශෂ්‍ය සංගමය සංවිධානය කරන ලද ශෂ්‍යත්ව සමිමන්ත්‍රණ වැඩ සටහන ක්‍රියාත්මක වීම හා රත්නපුර ක්‍රීඩා ශක්ති වැඩ සටහන සදහා පාපන්දු ක්‍රීඩිකාවන් තෝරා ගැනීමෙදී අප විදුහල් කණ්ඩායමෙ
ක්‍රීඩිකාවන් 07 දෙනෙතු තේරී පත්වීම කැපී පෙනෙන සිද්ධියක් විය.
සහභාගී වූ ළමුන් පිරිසක්
රත්නපුර ක්‍රීඩා ශක්ති පදනමට ගිය අපේ ක්‍රීඩිකාවෝ
වැඩසටහන මෙහෙය වන රංග මහතා



2010/07/27
අද දින වාර විභාග සුපුරුදු ලෙස පැවැත්වුණ අතර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී නි. අමාත්‍යප්‍රේමලාල් මහතා කිරීම  ජයසේකර මහතා ක්‍රීඩා පිටිය සකස් කිරීම සදහා බැකෝ යන්ත්‍රයක් අද දින විදුහලට එවන ලද අතර ඉන් පිටියේ වැඩ කටයුතු රාශියක් නිම කර ගරනීමට හැකි විය. ප.ව. 12.15 ට විදුහල්පති ස්වාමින් වහන්සේ සියලුම ගුරු මහත්ම මහත්මීන් හමු වී ඉදිරි කටයුතු සංවිධානය කර ගන්නා ලදී.

2010/07/26
 ලබා දීම සිදු කරන ලදී.
සිසු නිර්මාණ සදහා ස්ථානය සකස් කිරීම

 2010/07/25
අද දින 680 ක්  සහභාගි වෙම්න් පැවති විදුහල් භූමිය  පවිත්‍ර කිරීමෙ මහා ශ්‍රමදානය ඉතා සාර්ථකව පැවැත්වීමට උර දුන්  සැමට අපගේ ස්තුතිය . 

2010/07/23 
අද දින නිවිතිගල ප්‍රාදේශීය සභා මණ්ත්‍රී කාලිංග වනසුන්දර මහතා තණකොළ කපන මැෂිමක් විදුහලට පරිත්‍යාග කරන ලදී.
 
2010/07/20
අද දින නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිලානි ජයසිංහ මහත්මිය විදුහලට පැමිණ පාසලේ දියුණු කල යුතු අංග පිළිබදව ගුරුවරුන් දැනුවත් කල අතර නව විදුහල්පති ගරු ඇත්ඔය මහින්ද හිමියන් කෙටි කාලයක් තුල ඇති කරන ලද සංවර්ධනය පැසසුමට ලක් කරන ලදී. ගණිත විෂය සංවර්දනය කිරීමට අවශ්‍ය උපදෙස් හා ඒ සදහා ගත යුතු ක්‍රියා පටිපාටිය විෂය භාර ගුරුභවතුන් වන ඉනෝකා සෝමරත්න මිය හා මංජුලා තියඔරාවත්ත මිය වෙත දන්වන ලදී.
      අද 10 හා 11 වසර ළමුන් සදහා දෙවන වාරයේ විභාග ආරමිභ කරන ලදී.

2010/07/16
අද දින නිවිතිගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දයානන්ද වික්‍රමආරචිචි මහතා පාසලට පැමිණ විදුහල්පති ස්වාමින් වහන්සේ හා ගුරුමණ්ඩලය   හමුවිය.

2010/07/15
අද දින ප.ව 1.00 ට පුධාන ශාලාවෙ පාසල් සංවර්ධන සමිතියේ මහ සභා රැස්වීම පවත්වන ලදී.මෙදින පාසලේ පැවති අඩුපාඩු රාශියක් පිළිබදව අදහස් හා යෝජනා ඉදරිපත් කරන ලද අතර ගරු ඇත්ඔය මහින්ද හිමි හා ගුරු මණ්ඩලය විසින් යෝජනා කරන ලද අඩුපාඩු සකස් කිරීමට පැමිණ සිටි සියලු දෙනා එකග වීම හා ඒ සදහා  පොහොය දින යොදා ගැනීමට දින නියම විය.

 2010/07/08
 අද දින අප විදුහලේ නව විදුහල්පති ලෙස ඇත්ඔය මහින්ද හිමි වැඩ භාර ගැනීම හා හිටපු විදුහල්පතිතුමා නව විදුහලේ වැඩ භාර ගැනීම අද දින සිදුවිය.කෙටි කථා කිහිපයක් සමග සංග්‍රහයක් පවත්වන ලදී.
විදුහල්පතිතුමා සමුගෙන යන මොහොත


 2010/07/07
අද දින පාසලට පැමිණි නිවිතිගල කොටිඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වික්‍රමසිංහ මහතා පාසල පිලිබද  විශේෂ සොයා බැලීමක් කරන ලදී.

 2010/07/06
 අද දින නිවිතිගල කලාප නි අධ්‍යාපන අධ්‍යක්ෂ නිලානි ජයසිංහ මහත්මිය පාසලට පැමිණ පාසල පිලිබද විශේෂ සොයා බැලීමක් කරන ලදී.
අද දින ඇත්ඔය මහින්ද හිමි අප විදුහලේ නව විදුහල්පති වශයෙන් වැඩ භාර ගැනීම සදහා විදුහලට පැමිණියත් සිටින විදුහල්පතිතුමාගේ ලිපිය අද දින ලැබී නොතිබුණ  නිසා නැවත හෙට දින පැමිනෙන ලෙස හිමියන්ට දන්වන ලදී.

2010/06/28 
අද දින දින 05 ක විශේෂ web dishing පුහුණු පාඨමාලාවක් හැදෑරීම සදහා M.W.A.N.මාරපන මහතා කොළඔ 07 මලල සේකර මාවතේ පිහිටි දුරස්ථ ඉගෙනුමි මධ්‍යස්ථානය වෙත වාර්ථා කර ඇත.

2010/06/24
 අද දින පොසොන් උත්සවය වෙනුවෙන් සීල සමාධි වැඩසටහන ක්‍රියාත්මක විය.මෙවර  පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිල් සමාදන් විම කැපී පෙනෙන සිදුවීමක් විය.පෙ.ව. 7.15 සිට ප.ව. 4.30 දක්වා ධර්මදේශණා , භාවනා වැඩසටහන් ක්‍රියාත්මක විය. දහවල දානය  මගුරුගොඩ මැණික් වෙළෙද ව්‍යාපාරික වයි. ආර්. චන්ද්‍රසේකර මැතිතුමා විසින් මෙවරද ලබා දෙන ලදී.
ජේ්‍යෂ්ඨ අංශය සිල් සමාදන් වී               
ප්‍රාථමික අංශයේ උපාසක උපාසිකාවන්
ධර්මදේශනාව ශ්‍රවණය කරමින්
වෙනදා ඇති දගකාරකමින් බැහැරවී
ධර්මය ශ්‍රවනය කරමින්

      
ධර්මය පිළිබද කරුණු ගෙන හැර පාන

ප්‍රාථමික අංශය

2010/06/23
අද දින පාසල් සංවර්ධන සමිතිය මගින් යෝජනා කරන ලද ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කිරීම 
2010/06/22
අද දින ප.ව.12.30 ට විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුරු රැස්වීමක් 9 වසර පංති කාමරය තුලදී පවත්වන ලදී.

2010/06/21
      අද පාසල් සංවර්ධන සමිති රැස්වීම පවත්වන ලදී.පොසොන් උත්සවය නිමිත්තෙන් පවත්වනු ලබන සිල් දමාදන් වීමෙි වැඩ සටහන පිලිබද මූලික කරුණු පිළිබද දෙමාපියන් දැනුවත් කල අතර හීල් දානය හා දහවල් දානය‍ පිළියෙල කරන ආකාරය පැහැදිලි කරගන්නා ලදී. සුපුරුදු පරිදිම වාර්ෂිකව ලබා දෙන දහවල් දානය වයි.ආර් චන්ද්‍රසේකර මැතිතුමා මෙවරද ලබා දෙයි.

 2010/06/17
 අද  දින උසස් පෙළ නව පංති ආරමිභය විදුහල්පති / නි .විදුහල්පතිතුමා සමග උසස් පෙළ පංති සදහා සුදුසුකමි ලැබූ දරැවන්ගේ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන්   ආරමිභවිය.


2010/06/15
අද දින අප පාසලට පැමිණි සබරගමු පළාත් ව්‍යාපෘති කළමණාකරු අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරැප්පුආරචිචි ( SEMP11/EKSP ) මහතා විදුහලේ පරිඝණක ඒකකය නිරීක්ෂණය කරමින් ගුණාත්මක බව වැඩිදියුණු  කිරීමට කල යුතු කාර්යයන් පිළිබද අදහස් හා යෝජනා ලබා දෙන ලදී.මෙහිදී මෙම වෙබි වෙබි අඩවිය සකස් කල M.W.A.N.මාරපන මහතාට වැඩිදුර පුහුණුවක් ඉක්මණින් ලබා දීමටද එකග විය.

2010/02/26
අද දින 6 වසරෙන් ඉහළ සිසුන් විසින්සංවිධානය කරන ලද අධ්‍යාපන චාරිකාව නුවරඑළිය සංචාරයයි.එහිදී හෝටර්න් තැන්න  හා හයිලන්ඩි කිරි නිෂ්පාදනාගාරය  නරඔන්නට අවස්ථාව ලැබිණි.ඉතා සාර්ථක වූ මෙම චාරිකාව සදහා නි. විදුහල්පති කේ සරත් මහතා,නිලූපා සමරරත්න මෙවි, අනුර මාරපන මයා,සමග මල්ලිකා දිමියාව මිය සහාභාගි විය.

2010 /02/03
අද දින උසස් පෙළ හදාරණ සිසු සිසුවියන් සංවිධානය කරන ලද අධ්‍යාපන චාරිකාව ත්‍රිකුණාමල නගර සංචාරයයි. සේනානායක මනම්පේරි මිය හා අමිතා කුමාරපේළි මිය සහාභාගී විය.

2010/02/27
    අද දින පැවති රත්නපුර දිස්ත්‍රික් කාන්තා පාපන්දු තරගාවලිෙය්  17 න් පහළ ශූරතාවය ධර්මපාල වි.  පරදවමින් අප විදුහල් කණ්ඩායම ( 1-0  )‍ලෙස ජයග්‍රහණය කරමින් සමස්ථ ලංකා තරග සදහා සුදුසුකමි ලබා ගැනීමට  සමත් විය.

2010 /02/25
     උසස් පෙළ හදාරන සිසු සිසු වියන් සංවිධානය කරන ලද දකුණු ලක සවාරිය 25 හා 26 යන දින වල සාර්ථකව නිමා කරන ලදී. විදුහල්පතිතුමා කරැණා ගජණායක මිය සජීවනී රණසිංහ මිය හා චමරා ඔපනායක මිය ගමන සදහා සහභාගී විය. 
පළමු දින  තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසලේදී නවාතැන් ගත් අතර ඒ සදහා එම විදුහලේ ක්‍රීඩා උපදේශක චන්ද්‍රරත්න මහතාගේ දායකත්වයෙන් ලබා ගැනීමට හැකිවූ බව සදහන් කරන්නේ හද පිරි සතුටිනි.




          









2009/12/09
  2009  අ.පො.සා පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් මේ වසරේ අවසන් ප්‍රධාන රැස්වීම පැවැත්වීය. මෙදින දිවා
ගුරු පියවරුන්ගෙ හා ගුරු මෑණීවරුන්ගෙන් ආශිර්වාද ලබාගත් ඔවුහු තම ප්‍රවේශ පත්‍ර  විදුහල්පතිතුමාගෙන්  හා නි. විදුහල්පතිතුමාගෙන් ලබාගත්හ.

2009/12/08
  මෙවර අ.පො.ස(සා.පෙළ) විභාගයට සහභාගි වන දරු දැරියන් සදහා සමිමණ්ත්‍රන මාලාව
බුද්ධාගම විෂය සදහා ආරාධිත දේශක
රතු කුරුස සමාජය මගින් පිරිනමන ලද පුථමාධාර කටිටලය ලබා ගැනීම සදහා විදුහල නියෝජනය කරමින් සහභාගි වූ  අනුර නිශාන්ත මාරපන මහතා උත්සව අවස්ථාව ජායාරූප මගින්
රතු කුරුස සමාජය රත්නපුර දිස්ත්‍රික් ශාඛාවෙ 
2009/12/07
අද සුභ සාධක සංගමය මගින් සංවිධානය කරන ලද මෙම වර්ෂයෙදී වෙනත් සේවා ස්ථාන වලට මාරුවී ගිය ගුරු මහත්ම මහත්මීන් සදහා පවත්වනු ලබන උත්සවය ප.ව. 12 .30 ට ආරමිභ විය.ඒ සදහා ගීතා විලාසනී මිය, සෝමවතී මිය, ඩයනා හිමාලි මිය,සංජීව ගමගේ,හා .......... සහභාගි විය.

2009/12/06


උපදෙසක් ලබා දෙමින්

මහ ඇමති තුමා පිළිගනිමින්
2009/12/05

2009/12/04
මෙවර අ.පො.ස(සා.පෙළ) විභාගයට සහභාගි වන දරු දැරියන් සදහා සමිමණ්ත්‍රන මාලාව
 ඉතිහාය ආරාධිත දේශක

2009/12/03
මෙවර අ.පො.ස(සා.පෙළ) විභාගයට සහභාගි වන දරු දැරියන් සදහා සමිමණ්ත්‍රන මාලාව කෳෂිකර්මය  ආරාධිත දේශක කපිල ධනවර්ධන මහතා (  ඇලෝසියස් ජාතික පාසළ) සහභාගි විය.
 අද දින  පාසල් වත්ත පිරිසිදු කිරීමේ වැඩ සටහනක් දිනය පුරා ක්‍රියාත්මක විය. මේ සදහා දෙමාපියන් විශාල සංඛ්‍යාවක් සහභාගීවී සිටීම සතුටට කරුණක් බව ගුරු මණ්ඩලය පවසයි.

2009/12/02
මෙවර අ.පො.ස(සා.පෙළ) විභාගයට සහභාගි වන දරු දැරියන් සදහා සමිමණ්ත්‍රන මාලාවගණිතය   විෂය සදහා  ආරාධිත දේශක  ස්ටැන්ලි  ප්‍රනාන්දු මහතා ( ගණිත ගුරු උපදේශක) සහභාගි විය.
2009/12/01
මෙවර අ.පො.ස(සා.පෙළ) විභාගයට සහභාගි වන දරු දැරියන් සදහා සමිමණ්ත්‍රන මාලාව විද්‍යාව   විෂය සදහා   ආරාධිත දේශක  දමිත් රංගන මහතා සහභාගි විය.

2009/11/30
මෙවර අ.පො.ස(සා.පෙළ) විභාගයට සහභාගි වන දරු දැරියන් සදහා සමිමණ්ත්‍රන මාලාව
සිංහළ විෂය සදහා   ආරාධිත දේශක රුවන් මහතා සහභාගි විය.  

ලෝක ඒඩ්ස් දිනය අද
     ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී ඇත. 1981 වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රථම ඒඩ්ස් රෝගියා සොයා ගැනීමෙන් පසුව මේ දක්වා ලෝක ජනගහනයෙන් මිලියන 35 කට ඒඩ්ස් රෝගය ඇති කරන HIV වෛරසය ශරීර ගතවී ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබේ. ඉන් සියයට 90 ක්ම සංවර්ධනය වෙමින් පවතින රටවලින් වාර්ථාවේ. 
            ලෝකයේ HIV හෙවත් ඒඩ්ස් අඩු ප්‍රමාණයක් ඇති රටක් වශයෙන් ශ්‍රි ලංකාව හැදින්විය හැක. එයට ප්‍රධානම හේතු වන්නේ ජනතාවගේ සාක්ෂරතාව සහා සංස්කෘතික ශක්තිමත් භාවය බවත් සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යංශය පවසයි.

2009/11/30
         මෙවර අ.පො.ස(සා.පෙළ) විභාගයට සහභාගි වන දරු දැරියන් සදහා සමිමණ්ත්‍රන මාලාවක ආරමිභය අද දින පුධාන ශාලාවේදි විදුහල්පතිතුමා හා වැඩ සටහන සංවිධානය කරන සමිපත් සංජීව කටුගමිපල ,ජාලිය පුෂ්පකුමාර ,දමිත් රංගන කුමාර ,ලලිත් සමිපත් මුණසිංහ, අසංක හෙට්ටිආරචිචි , සුසන්ත මංගල දයාරත්න ,ලලිතා දමයන්ති යන මහත්ම මහත්මීන් ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී. 

2009/11/30     සිංහළ            ආරාධිත දේශක
2009/12/01    විද්‍යාව            ආරාධිත දේශක  දමිත් රංගන මහතා
2009/12/02    ගණිතය          ආරාධිත දේශක  ස්ටැන්ලි  ප්‍රනාන්දු මහතා ( ගණිත ගුරු උපදේශක)
2009/12/03  කෳෂිකර්මය ආරාධිත දේශක කපිල ධනවර්ධන මහතා ( අාචාර්ය
2009/12/04  ඉතිහාසය   ආරාධිත දේශක
2009/12/05            ආරාධිත දේශක
2009/12/06

2009 අ.පො.ස. (උ.පෙ) ප්‍රතිඵල නිකුත් වේ

2009  වසරේ අ.පො.ස. (උ.පෙ) විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් ------------මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාලය ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත.
ඒ අනුව වාණිජ අංශයෙන් ---- කලා අංශයෙන් ---------- විශ්ව විද්‍යාල  වරම් ලබනු ඇත.


2009/11/27 
 අද දින පාසල් සංවර්ධන සමිතියේ වර්ෂ අවසාන රැස්වීම විදුහල්පතිතුමාගේ පුධානත්වයෙන් පුධාන ශාලාවේදී ප.ව 12.30 ට ආරමිභ විය.
2009/11/24
 2008/2009 අධ්‍යයන වර්ෂය පශ්චාත් අධ්‍යාපන ඩිප්ලොමා හැදෑරු සජීවනි රණසිංහ මිය විශිෂ්ඨ සමාර්ථයක් ලබා ගනිමින්ද චතුරානි මඩමවත්ත මෙව් සාමාන්‍ය සමාර්ථයක් ලබා ගනිමින්  2009/11/24 බණ්ඩාරනායක සමිමන්ත්‍රණ ශාලාවේදි සහතිකපත් ලබා ගන්නා ලදී,


2009/11/23
          වර්ෂය අවසාන විභාගය සියලුම පංති සදහා අද දින පවත්වනු ලබයි.

2009/11/20
අද දින විදුහල්පතිතුමා විසින් පුස්ථකාල ශ්‍රවණාගාර යේදි 3 වන වාරයේ ගුරු සාකචිඡාව පවත්වනු ලැබීය.

 2009/11/19
විශේෂ අධ්‍යාපන ඒකකය මගින් පවත්වන ලද ප්‍රථමික පුහුණු වැඩ මුඵව විදුහලේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයේදී 2009/10/19 වැනි දින හා 2009/10/20 වැනි දින යසපාල මහතා (ස.අ.අධ්‍යක්ෂ නිවිතිගල) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ඒ සදහා අප විදුහලින් මල්ලිකා දිමියාව මහත්මිය හා පී.දයානි මහත්මිය සහභාගි විය. නිවිතිගල කොට්ඨාශයේ සියලුම ගුරු මහත්ම මහත්මීණ් සහාභාගී වීය.    


2009 /11 17
අප පාසලේ මාධ්‍ය කවය ආරමිභ කිරිම හා මාධ්‍ය පිළිබද දැනුවත් කිරිම හා පුහුණු වැඩමුඵව 2009 /11 17 පෙ. ව 9.30 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානමි කර ඇතැයි එය සංවිධානය කරන ගුරුභවතුන් වන අනුර මාරපන මහතා පවසයි. සම්පත් දායකත්වය ප්‍රවීන මාධ්‍යවේදි රංජිත්  ඉලේපෙරුම  මහතාග් මුලිකත්වයෙන් සිදුකරයි
අපේක්ෂිත අරමුණු
  1. සිසු දරුවන්ගේමාධ්‍ය හැසිරවීමේ නිපුණතා වර්ධනය කිරීම.
  2. සිසු
  3. සිදුහලේ විධිමත් සන්නිවේදන ක්‍රියාවලියක් ඇති කිරිම සහ ක්‍රමවත්ව පෙළගැස්වීම
  4. න් වැඩි දෙනෙකුට සන්නිවේදන කටයුතු වල නියැලීමට සුදුසු පරිසරයක් කුලින් හැකියාව වර්ධනය කිරීම.
  5. හදිසි හෝ විශේෂිත අවස්ථා වලදී සිසුන් එකවර දැනුවත් කිරීමේ මැදිරියක් ස්ථාන ගත කිරීම.
  6. දේශීය චින්තනය අගයන අභිමානවත් ජාතියකට වත්මන් තාක්ෂණෙයන් ඵලදායි මං  පෙත් විවර කිරීම.
  7. නූතන ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මගින් කෙරෙන උප සංස්කෘතික බලපෑමෙන් මිදී අපේ අනන්‍යතා රැක ගැනීමට පුරුදු පුහුණු කිරීමෙන් හරවත් වින්දනයක් වෙත දරුවන් යොමු කිරීම.                    
    2009/11/10 
    වැනි දින ගෝලීයඉන්ෆ්ලුවන්සා (H1N1) 2009  වසංගතය පිළිබද දැනුවත් කිරී
    අද දින මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.ආර්.ඡයම්පති මහතා විසින්  ගෝලීයඉන්ෆ්ලුවන්සා (H1N1) 2009 වසංගතය පිළිබදව ළමුන් දැනුවත් කරන ලදී.   මෙම රෝගය රෝගියාගේ කිවිසුම්, කැස්ස, සෙම්, සොටු ආදියෙන් වේගයෙන් ව්‍යාප්ත වන බැවින් ඒවා අන් අයගේ ශරීරගත වීම අවම කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය ය. රෝගීන් සම්පූර්ණයෙන් සුව වන තුරු හුදකලාව රඳවා තැබීම, නිතර දෑත් සේදීම හා ජනයා ගැවසෙන ස්ථානවලට යාම අත්‍යවශ්‍ය කාරණාවලට පමණක් සීමා කිරීම රෝගයෙන් බේරී සිටීම සඳහා ගත හැකි ප්‍රාෙයා්ගික ක්‍රියාමාර්ග වේ.   ඉන්ෆ්ලුවන්සා (H1N1) 2009  හදුනා ගනිමු (click කරන්න) 
    2009/10/21
    විදුහලට තණ කොළ කපන මැෂිමක් ලබා ගැනීම
     මේ සදහා සදහා මුදල් සොයා ගැනිමට උසස් පෙළ හදාරන සිසු සිසුවියන් විසින් අයිස් ක්‍රිමි අළෙවි කිරිම 
    2009/10/21 වැනි දින සිදුකරන බව දන්වා සිටී. 






































































    සමස්ථ ලංකා සංගීත හා නාට්‍ය තරග නිවිතිගල කලාපය 2009
    අප විදුහල් කණ්ඩායම සමූහ රබන් ගී ගායන හා වාදන ප්‍රථම ස්ථානය ලබාගැනීමට පසුගියදා පැවති කලාප තරගාවලියේදි සමත් වීම අප විදුහල ලත් තවත් ජයග්‍රහණයකි. ජි. සෝමලතා ගුරු මහත්මිය විසින් පුහුණු කරන ලදී.
    මේ සදහා ගායනයෙන් හා වාදනයෙන් 

1 වසර ළමුන් භාර ගැනීම-2010